තවද ස්වාමීන්වහන්සේගේ ගෘහයට අයිති පිත්තල කුළුනුද ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබුණු මැසිද පිත්තල මුහුදද කල්දිවරු කඩාගෙන, ඒවායේ පිත්තල සියල්ලම බබිලෝනියට ගෙනගියෝය.
අනර්ඝ රනින් තලිද පහන් කතුරුද තාලිද පාත්‍රාද ගිනි භාජනද රනින් ඇතුල් ගෘහය වන අති ශුද්ධස්ථානයේ දොරවලටත් ගෘහය වන මාලිගාවේ දොරවලටත් රන් අසව්-විලිද සෑදෙව්වේය.
බලව, නුඹේ ගෙයි තිබෙන සියල්ලත් නුඹේ පියවරුන් විසින් අද දක්වා රැස්කර තැබූ දේවලුත් කිසිවක් ඉතුරු නොකොට බබිලෝනියට ගෙනයන දවස් පැමිණෙන්නේය.
ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයේ ලොකු කුඩා සියලු භාණ්ඩද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජුගෙත් ඔහුගේ අධිපතීන්ගෙත් වස්තුද යන සියල්ලම බබිලෝනියට ගෙනගියේය.
සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ ගෘහයට සෑදූ කුළුනු දෙකත් එක මුහුදත් මැසි යට තිබුණු පිත්තල ගව රූප දොළොසත් යන සියලු භාණ්ඩයන්හි පිත්තලවල බර ගණනක් නැතුව තිබුණේය.
එදිරිකාරයා ඇගේ සියලු ප්‍රියවූ දේ පිට තමාගේ අත හෙළුවේය. මක්නිසාද ඔබගේ සභාවට ඇතුල් නොවෙන හැටියට ඔබ අණකළ ජාතීන් ඇගේ ශුද්ධස්ථානයට ඇතුල්වෙනවා ඈ දුටුවාය.
ශාලාවේ දිග විසි රියනක්ය, පළල එකොළොස් රියනක්ය; පඩි දසයකින් ඒකට නගින්නෝය. කුළුනුවලට කණු එක පැත්තක එකක්ද අනික් පැත්තෙහි එකක්ද බැගින් තිබුණේය.
ස්වාමීන්වහන්සේද යූදාහි රජවූ යෙහෝයාකීම් සහ දෙවියන්වහන්සේගේ ගෘහයේ බඩුවලින් කොටසක් ඔහු අතට දුන්සේක; ඔහු ඒවා ෂීනාර් දේශයේ තමාගේ දෙවියන්ගේ ගෘහයට ගෙනැවිත්, ඒ බඩු තමාගේ දෙවියන්ගේ භාණ්ඩාගාරයෙහි තැබුයේය.