එබැවින් වනයේ සත්තුද වෘකයෝද එහි වසන්නෝය, පැස්බරුද එහි වාසයකරන්නෝය. එහි තවත් කවදාවත් වැසියෝ නොවන්නෝය; පරම්පරාවෙන් පරම්පරාවට කිසිවෙක් එහි නොවසන්නේය.
මම ඒක ඉත්තෑවුන්ට උරුමයක්ද දිය පොකුණුද කරන්නෙමි. ඒක විනාශය නැමති මුස්නෙන් අතුගාදමන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
තවද සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවූ පසු මම බබිලෝනියේ රජුටත් ඒ ජාතියටත් කල්දිවරුන්ගේ දේශයටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම් පමුණුවා, ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි.
මක්නිසාද ඈට විරුද්ධව උතුරු දිගින් ජාතියක් එන්නේය, ඔවුන් ඇගේ දේශය පාළුවක් කරනවා ඇත, කිසිවෙක් එහි නොවසන්නේය. මනුෂ්‍යයෝද මෘගයෝද දෙගොල්ලම පලාගියෝය, අහක්ව ගියෝය.
කොනකට ගලක්වත් අත්තිවාරම්වලට ගලක්වත් නුඹෙන් ගනු නොලබන්නේය; නුඹ සදාකාලයටම පාළුවක් වන්නෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඇගේ නුවරවල් පාළුවක්ද වියළි භූමියක්ද මරුකතරක්ද කිසි මනුෂ්‍යයෙක් වාසය නොකරන්නාවූ, කිසි මනුෂ්‍ය පුත්‍රයෙක් ගමන් නොකරන්නාවූ දේශයක්ද වී තිබේ.
ඔහු බලවත් හඬකින් මොරගසා: මහා බබිලෝනිය වැටුණාය, වැටුණාය, ඈ යක්ෂයන්ගේ වාසස්ථානයක්ද සියලු අශුද්ධාත්මයන්ගේ හිරගෙයක්ද සියලු අපවිත්‍රවූ පිළිකුල්වූ පක්ෂීන්ගේ හිරගෙයක්ද වූවාය.