Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෙරෙමියා 50:32

Sinhala Revised Old Version

උඩඟු තැනැත්තා පැකිල වැටෙයි, කිසිවෙක් ඔහු නොනැගුටුවන්නේය. මම ඔහුගේ නුවරවල ගින්නක් අවුළුවන්නෙමි, එයින් ඔහු වටකර තිබෙන සියල්ල දාලායනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

22 හුවමාරු යොමු  

උඩඟු අය අයුතුලෙස මා හෙළාදැමූ බැවින් ඔව්හු ලජ්ජාවෙත්වා. නුමුත් මම ඔබගේ නියෝග භාවනා කරන්නෙමි.

විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි.

විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය.

මම නුඹලාගේ ක්‍රියාවල ඵල ලෙස නුඹලාට දඬුවම් කරන්නෙමි. මම ඇගේ කැලෑවෙහි ගින්නක් අවුළුවන්නෙමි, එයින් ඈ වටකර තිබෙන සියලු තැන් දාලා යනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

මම දමස්කයේ පවුර ඇතුළෙහි ගින්නක් අවුළුවන්නෙමි, එයින් බෙන්-හදද්ගේ මාළිගා දාලායන්නේය.

කොනකට ගලක්වත් අත්තිවාරම්වලට ගලක්වත් නුඹෙන් ගනු නොලබන්නේය; නුඹ සදාකාලයටම පාළුවක් වන්නෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක.

මා විසින් ඈ පිටට පමුණුවන විපත්තියෙන් ගොඩනොඑන්නීය. ඔව්හු වෙහෙසවන්නෝයයි කියන්නැයි කීවේය. යෙරෙමියාගේ වචන මෙසේ නිමි.

එහෙත් ඔහුගේ සිත උසස්වී, උඩඟුකම්කරන ලෙස ඔහුගේ ආත්මය දැඩිවූ කල, ඔහු තමාගේ රාජාසනයෙන් පහත්කරනු ලැබුවේය, ඔහුගේ මහිමයද ඔහුගෙන් පහකරනු ලැබීය.

ඒ නිසා මම තීර්හි මාළිගා විනාශකරන ගින්නක් එහි පවුර පිටට අරින්නෙමි.

ඒ නිසා මම බොශ්රාහි මාළිගා විනාශකරන ගින්නක් තේමාන්ට අරින්නෙමි.

ඒ නිසා යුද්ධ දවසේ ඝෝෂාවද සුළිහුළං දවසේ කුණාටුවද ඇතුව, රබ්බාහි මාළිගාව විනාශකරන ගින්නක් එහි පවුර පිට අවුළුවන්නෙමි.

ඒ නිසා මම බෙන්-හදද්ගේ මාළිගා නාස්තිකරන ගින්නක් හසායෙල්ගේ ගෙදරට අරින්නෙමි.

ඒ නිසා මම ගාසාහි මාළිගා නාස්තිකරන ගින්නක් එහි පවුර පිටට අරින්නෙමි.

ඒ නිසා මම කෙරියොත් විනාශකරන ගින්නක් මෝවබ්ට අරින්නෙමි; මෝවබ්වරු කෝලාහලද ඝෝෂාවද හොරණෑ ශබ්දයද ඇතුව මැරෙන්නෝය.

ඒ නිසා මම යෙරුසලමේ මාළිගා නාස්තිකරන ගින්නක් යූදාට එවන්නෙමි.

ඉශ්‍රායෙල් කන්‍යාව වැටුණාය; ඈ තවත් නොනැගිටින්නීය. ඈ නැගුටුවන්ට කිසිවෙක් නැතුව ඇගේ භූමිය පිට ඈ වැටී ඉන්නවාය.

මක්නිසාද මාගේ උදහසින් ගින්නක් ඇවිළී, ගැඹුරු පාතාලය දක්වාම දැවී යන්නේය, එයින් පොළොවද ඒකේ අස්වැන්නද විනාශ වන්නේය, කඳුවල අත්තිවාරම්ද දැවී යන්නේය.

එබැවින් මරණයද ශෝකයද සාගතයද යන ඇගේ පීඩා එක දවසේම පැමිණෙන්නේය; ඈ සහමුලින් ගින්නෙන් දවනු ලබන්නීය; මක්නිසාද ඈ විනිශ්චයකළ ස්වාමිවූ දෙවියන්වහන්සේ බලවත්ව සිටිනසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්