එබැවින් නුඹලා ඔය වචනය කියන නිසා සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, නුඹේ මුඛයේ තිබෙන මාගේ වචන ගින්නක්ද මේ සෙනඟ දරද කරන්නෙමි, එයින් ඔවුන් දාලා යනවා ඇත.
එබැවින් ශාපයෙන් පොළොව නාස්තිවී, එහි වැසියෝ වරදකාරයෝව සිටිති. ඒ නිසා මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙක් ඉතුරුවෙන හැටියට පොළෝ වැසියෝ දවනු ලැබ සිටිති.
එවිට ස්වාමීන්වහන්සේ ස්වකීය අත දිගුකොට මාගේ මුඛය ස්පර්ශකළසේක. තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: මෙන්න, මාගේ වචන නුඹේ මුඛයෙහි තැබීමි.
මාගේ වචනය ගින්නක් මෙන්ද පර්වතය පොඩිකරන කුළුගෙඩියක් මෙන්ද නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
එබැවින් ප්‍රොපේතවරුන් ලවා මම ඔවුන් කැප්පෙවුවෙමි; මාගේ මුඛයේ වචනවලින් ඔවුන් මරාදැමුවෙමි. ඔබවහන්සේගේ විනිශ්චයෝද පැතිරෙන එළිය මෙන්ය.
නුමුත් මාගේ මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට මා විසින් අණකළ මාගේ වචනත් මාගේ නියෝගත් නුඹලාගේ පියවරුන් කරා පැමුණුනා නොවේද? එවිට ඔව්හු හැරී: සේනාවල ස්වාමීන්වහන්සේ අපට කරන්ට අදහස්කළ ප්‍රකාරයට අපේ මාර්ග සහ අපේ ක්‍රියාවල හැටියට උන්වහන්සේ අපට කළසේකැයි කීවෝයයි කීය.