යෙරුසලමේ වීථිවල ඔබ මොබ දුවගොස් බලා, ප්‍රසිද්ධ තැන්වල සොයා දැනගන්න. නුඹලාට මනුෂ්‍යයෙකු සොයාගන්ට පුළුවන්නම්, යුක්තිය කරන්නාවූ, විශ්වාසවූ කෙනෙක් එහි ඇත්නම්, මම ඒ නුවරට කමාවන්නෙමි.
ඔහුද: මම සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා බොහෝ ජ්වලිතව සිටියෙමි; කුමක්හෙයින්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔබගේ ගිවිසුම අත්හැර, ඔබගේ පූජාසන කඩාදමා, ඔබගේ ප්‍රොපේතවරුන්ද කඩුවෙන් මැරුවෝය. ඉතුරුව සිටින්නේ මම පමණක්ය; ඔව්හු මාගේ ප්‍රාණයත් නැතිකරන්ට සොයතියි කීවේය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවෙන පිණිස උන්වහන්සේගේ බලය පාමින්, උන්වහන්සේගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය. මේ ගැන නුඹ අණුවණ ලෙස ක්‍රියාකෙළෙහිය; මෙතැන් පටන් නුඹට විරුද්ධව යුද්ධ ඇතිවන්නේයයි කීවේය.
ස්වාමිනි, පිහිටවුව මැනව; මක්නිසාද භක්තිවන්තයෝ පිරිහෙති; විශ්වාස අය මනුෂ්‍යපුත්‍රයන් අතරෙන් නැතිවෙති.
නුවණින් ක්‍රියාකරන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දකින පිණිස, ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට මනුෂ්‍යපුත්‍රයන් දෙස බැලූසේක.
සියල්ලෝම මුළාව ගොස් සිටිති; එකලෙස කිලුටුව සිටිති; යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත.
නපුරුකම්කරන්නන්ට විරුද්ධව මාගේ පක්ෂයට නැගිටින්නේ කවුද? අයුතුකම්කරන්නන්ට විරුද්ධව මාගේ පක්ෂයට සිටින්නේ කවුද?
බොහෝ දෙනෙක් තම තමුන්ගේම කරුණාවන්තකම ප්‍රකාශකරති; එහෙත් විශ්වාස මනුෂ්‍යයෙක් කාට සම්බවේද?
සත්‍යයද ප්‍රඥාවද ඉගනගැන්මද නුවණද මිලේට ගන්න, ඒවා නොවිකුණා තබාගන්න.
නගරයට පැමිණෙන වාසල් ළඟත් පිවිසෙන දොරවලත් ඈ ශබ්දනගා කියන්නී:
ඉතින් මම නැගිට නුවර වීදිවලද එළිමහන් තැන්හිද ඇවිද: මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා සොයන්නෙමියි කීයෙමි. ඔහු සෙවු නුමුත් මට සම්බවුණේ නැත.
ධර්මිෂ්ඨකමින් හඬගසන කෙනෙක්වත් සැබෑකමින් නඩුකියන කෙනෙක්වත් නැත. ඔව්හු හිස්කම කෙරෙහි විශ්වාසය තබා බොරු කියති; ඔව්හු නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහිකරති.
නුඹලා මා සමඟ විවාදකරන්නේ මක්නිසාද? නුඹලා සියල්ලෝම මට විරුද්ධව කැරළිගැසුවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
එවිට තමුන්ගේ භාර්යාවන් අන් දෙවි වරුන්ට සුවඳ දුම් ඔප්පුකරන බව දන්න සියලු පුරුෂයෝද මහත් සමූහයක්ව ළඟ සිටි සියලු ස්ත්‍රියෝද මිසර දේශයේ පත්‍රෝස්හි විසූ මුළු සෙනඟද යෙරෙමියාට උත්තරදෙමින්:
මම ඇහුම්කන්දී ඇසීමි, නුමුත් ඔව්හු යුතුලෙස කථා නොකළෝය. මා කෙළේ කුමක්දැයි කියා තමාගේ දුෂ්ටකම ගැන පසුතැවිලිවෙන කෙනෙක් නැත. අශ්වයා යුද්ධයට වේගයෙන් දුවන්නාක්මෙන් ඔවුන් සියල්ලෝම තමුන්ගේ දිවීමට හැරීයති.
අහෝ මාගේ සෙනඟ අත් හැර ඔවුන් වෙතින් යන පිණිස ගමන් කාරයන්ගේ නවාතැනක් කාන්තාරයෙහි මට ඇත්නම්! මක්නිසාද ඔවුන් සියල්ලෝම කාමමිථ්‍යාචාරිකයෝය, ද්‍රෝහිකාරසභාවක්ය.
එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක; මම ඔවුන් (ලෝහ මෙන්) උණුකර විමසන්නෙමි; මක්නිසාද මාගේ දියණිය වන සෙනඟ ගැන වෙන කුමක් කරම්ද?
මා විසින් දේශය නාස්ති නොකරන පිණිස පවුරක් ගොඩනගා දේශය උදෙසා මා ඉදිරිපිට කඩුල්ලෙහි සිටීමට ඔවුන් අතරේ මනුෂ්‍යයෙකු සෙවීමි. නුමුත් කිසිවෙක් මට සම්බනූණේය.
එවිට උන්වහන්සේ: ඉශ්‍රායෙල් සහ යූදා වංශයේ අයුතුකම ඉතාම මහත්ය, දේශය ලෙයින් පිරී තිබේ, නුවරද අයුක්තියෙන් පිරී තිබේ. මක්නිසාද–ස්වාමීන්වහන්සේ දේශය අත්හැරියසේක කියාද උන්වහන්සේ නොදක්නාසේක කියාද ඔව්හු කියති.
නුමුත්, දානියෙල්, නුඹ මේ වචන වසා, අන්තිම කාලය දක්වා පොත මුද්‍රකර තබන්න. බොහෝ දෙනෙක් එය කියවා බලනවා ඇත, දැනගැන්මද වැඩිවන්නේයයි කීවේය.
උන් නුවර එහාමෙහා දුවති; පවුර පිට නැගීයති; ගෙවල්වලට නගිති; සොරෙකු මෙන් කවුළුවලින් ඇතුල්වෙති.
එවිට මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේගේ වචනය සොයන පිණිස මුහුදෙන් මුහුදට ගමන්කරන්නෝය, උතුරේ සිට නැගෙනහිරටද ඔබ මොබ දුවනවා ඇත, නුමුත් ඔවුන්ට සම්බවෙන්නේ නැත.
නුඹ දුව ගොස් අර තරුණයාට කථාකර–යෙරුසලම තුළ මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද වැඩිකම නිසා පවුරු නැති ගම්වල මෙන් මිනිස්සු එහි වාසයකරන්නෝය.
ඒ දාසයා ඇවිත් තමාගේ ස්වාමියාට මේ කාරණා දැන්නුවේය. එවිට ගෙදර ස්වාමියා කෝපවී: නුඹ නුවර වීථිවලටද අතුරු පාරවලටද වහාම ගොස්, දිළිඳුන්ද අබ්බාගාතයන්ද අන්ධයන්ද කොරුන්ද මෙහි ගෙනෙන්නැයි තමාගේ දාසයාට කීවේය.
විනාශවෙන්නවුන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලිවලින්ද යුක්තවේ; මක්නිසාද ගැළවෙන පිණිස ඔව්හු සැබෑකමට ප්‍රේමවීම පිළිනොගත්තෝය.