මිසරය ඉතා ලක්ෂණ එළනෑම්බියෙක්ය; එහෙත් විනාශය උතුරෙන් ඈ පිටට පැමිණ තිබේ.
එවිට ස්වාමීන්වහන්සේ මට කථාකොට: දේශයේ සියලු වැසියන් පිටට උතුරෙන් විපත්තිය නික්ම එන්නේය.
මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.
නුමුත් ඒ දවස ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේගේ දවසක්ය, උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ගෙන් පළිගන්න පළිගැනීමේ දවසක්ය. කඩුව වනාහි නාස්තිකර තෘප්තියට පැමිණෙන්නේය, ඔවුන්ගේ ලේවලින් මත්වන්නේය. මක්නිසාද උතුරු දේශයේ ප්‍රාත් ගංගාව ළඟ ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ විසින් කරන්ට යාගයක් ඇත්තේය.
මිසර දුව ලජ්ජාවට පැමිණෙන්නීය; උතුරු සෙනඟගේ අතටද අසුවන්නීය.
ශීඝ්‍ර තැනැත්තේ පලා නොයේවා, බලවන්තයාද ගැළවී නොයේවා; ඔව්හු උතුරු දිශාවේ ප්‍රාත් ගංගාව ළඟදී පැකිල වැටුණෝය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, වතුරු උතුරෙන් ගලා ඇවිත්, උතුරා යන ගඟක් වී, දේශය සහ එහි පූර්ණකමද නුවර සහ එහි වැසියන්ද උඩින් ගලායන්නේය. මනුෂ්‍යයෝද කෑගසන්නෝය. දේශයේ සියලු වැසියෝ කෑමොරගසන්නෝය.
මාගේ උරුමය කොල්ලකන තැනැත්තෙනි, නුඹලා ප්‍රීති සන්තෝෂවෙන නිසාත්, ගොයම් මඩින එළනෑම්බියෙකු මෙන් පැනනගින නිසාත්, ශක්තිමත් අශ්වයන් මෙන් හේෂාරවය කරන නිසාත්,
එප්‍රායිම් පුරුදුවූ, මැඩීමට කැමැතිවූ එළනෑම්බියක්ය; එහෙත් මමම ඇගේ ශෝභන බෙල්ල පිටට පැමිණ සිටිමි. එප්‍රායිම් පිට දක්කන්නෙකු හිඳුවන්නෙමි; යූදා හාන්නේය, යාකොබ් බිම සමතලාකරන්නේය.