Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෙරෙමියා 44:19

Sinhala Revised Old Version

(ස්ත්‍රීන් වන) අපත් අහස් දේවීහට සුවඳ දුම් ඔප්පුකර පානපූජා වගුරුවන විට, අප විසින් එසේ ඈට සේවයකිරීමට කැවුම් සෑදුවෙත් පානපූජා වැගිරෙවුවෙත් අපේ පුරුෂයන් නොදැනුවත්වදැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

14 හුවමාරු යොමු  

ස්ත්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආශාවිය යුතු ගහක් බවද දැක එහි ගෙඩිගෙන කෑවාය; ඈ තමා සමඟ සිටි තමාගේ පුරුෂයාටත් දුන්නාය, ඔහුද කෑවේය.

(සැබවින්ම තමාගේ භාර්යාවවූ යෙසෙබෙල් විසින් පොළඹවනු ලැබ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කරන්ට තමාම භාරවුණාවූ ආහබ්ට සමාන කිසිවෙක් නොසිටියේය.

ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසුරුණේය. මක්නිසාද ඔහු ආහබ්ගේ දුවෙක් සරණපාවාගත්තේය. මෙසේ ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.

අතට අත එකතුවුණත් දුෂ්ටයා දඬුවම් නොලැබ නොසිටින්නේය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ වංශය මුදනු ලබන්නේය.

එවිට තමුන්ගේ භාර්යාවන් අන් දෙවි වරුන්ට සුවඳ දුම් ඔප්පුකරන බව දන්න සියලු පුරුෂයෝද මහත් සමූහයක්ව ළඟ සිටි සියලු ස්ත්‍රියෝද මිසර දේශයේ පත්‍රෝස්හි විසූ මුළු සෙනඟද යෙරෙමියාට උත්තරදෙමින්:

එවිට යෙරෙමියා මුළු සෙනඟ වන පුරුෂයන්ටත් ස්ත්‍රීන්ටත් එනම් ඔහුට ඒ උත්තරය දුන් මුළු සෙනඟට කථාකොට:

මා කෝපකරවන ලෙස අහස්දේවීහට කැවුම් සෑදීමටත් අන් දෙවිවරුන්ට පානපූජා වැගිරවීමටත් දරුවෝ දර එක්කරති, පියවරු ගිනිමොළවති, ස්ත්‍රීහුද පිටි අනති.

එහෙත් ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී ඒවා මුළුමනින්ම අවලංගු කෙළේනම්, ඇගේ බාරවල් ගැනද ඇගේ බැඳීම ගැනද ඇගේ තොල්වලින් නික්මුණාවූ කිසිවක් ස්ථිර නොවන්නේය. ඇගේ පුරුෂයා ඒවා අවලංගු කෙළේය; ස්වාමීන්වහන්සේද එය ඈට ක්ෂමාකරනසේක.

එහෙත් ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී ඈට තහනම් කළොත්, ඈ කෙරෙහි තිබෙන ඇගේ බාරයද ඈ බැඳෙන හැටියට අපරීක්ෂාවෙන් ඇගේ තොල්වලින් කියවුණාවූ වචනද ඔහු අවලංගුකරන්නේය. ස්වාමීන්වහන්සේද ඈට ක්ෂමාකරනසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්