Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෙරෙමියා 41:18

Sinhala Revised Old Version

එසේ කළේ නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත්කළ අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියාව මැරූ බැවින් ඔවුන්ට භයවුණ නිසාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

තවද ඔහු යූදා දේශයෙහි ඉතුරුව සිටියාවූ, බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් ඉතුරුකර ගියාවූ සෙනඟ කෙරෙහි ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා අධිපතියා කොට පත්කෙළේය.

නුමුත් සත්වෙනි මාසයේදී රාජ වංශයේ එලිෂාමාගේ පුත්‍රයා වන නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මනුෂ්‍යයන් දසදෙනෙකුන් සමඟ ඇවිත් ගෙදලියාටත් මිශ්පාහි ඔහු සමඟ සිටි යුදෙව්වරුන්ටත් කල්දිවරුන්ටත් පහරදී මැරුවේය.

නුඹ මා සිහි නොකොට, ඒක සිතට නොගෙන, බොරුකීවේ කාට තැතිගෙන භයවෙලාද? මම බොහෝ කලක්ම නිශ්ශබ්දව නොසිටියෙම්ද? නුමුත් නුඹ මා කෙරෙහි භයක් නැත.

ඔහු තවත් හැරී ආපසු නොගොස් සිටියදී නෙබුසරදාන් කථාකොට: බබිලෝනියේ රජු විසින් යූදා නුවරවල ආණ්ඩුකාරකමට පත්කළාවූ ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට හැරී ගොස්, නුඹ ඔහු වෙත සෙනඟ අතරෙහි වාසයකරන්න; නැත්නම් නුඹට යන්ට පහසුයයි පෙනෙන කොතනට නුමුත් යන්නැයි කීවේය. තවද රැකවලුන්ගේ අධිපතියා ඔහුට ආහාරත් තෑග්ගකුත් දී ඔහු යන්ට හැරියේය.

එවිට සේනාවල සියලු අධිපතියෝද කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද හෝෂායාගේ පුත්‍රවූ යෙසනියාද කුඩා අය පටන් ලොකු අය දක්වා මුළු සෙනඟද අනාගතවක්තෘවූ යෙරෙමියා වෙතට පැමිණ:

නුඹලා භයින් සිටින බබිලෝනියේ රජුට භය නොවෙන්න; නුඹලා ගළවා ඔහුගේ අතින් මුදන්ට මා නුඹලා සමඟ සිටින බැවින් ඔහුට භය නොවෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

නුඹලා භයපත්කරවන සාගතය නුඹලා කැටුවම මිසරයට යන්නේය; එහිදී නුඹලා මැරෙන්නහුය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්