Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෙරෙමියා 40:6

Sinhala Revised Old Version

යෙරෙමියා මිශ්පාට අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට ගොස්, දේශයේ ඉතිරිව සිටි සෙනඟ අතරේ ඔහු වෙත වාසය කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

එවිට ආසා රජ සියලු යූදාවරුන් කැඳවාගන ගොස්, බයෙෂා ගොඩනැගූ රාමාහි ගල්ද ලීද ඔවුන් ලවා ගෙන්වාගෙන, එයින් ගෙබාද මිශ්පාද ගොඩනැගුවේය.

යෙරෙමියා හිරගෙයි මළුවෙන් ගෙන්වාගෙන, ඔහු ගෙදරට ගෙනයන පිණිස ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියාට භාරකළෝය. ඔහු සෙනඟ අතරෙහි වාසයකෙළේය.

සත්වෙනි මාසයේදී රාජ වංශයට අයිතිවූ, රජුගේ අධිපතීන්ගෙන් කෙනෙක් වන එලිෂාමාගේ පුත්‍රවූ නෙතනියාගේ පුත්‍රයා වන ඉෂ්මායෙල්ද ඔහු සමඟ මිනිසුන් දසදෙනෙක්ද මිශ්පාට අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට ආවෝය. එහි ඔව්හු මිශ්පාහිදී එක්ව කෑම කෑවෝය.

දිල්යාන්ද මිශ්පේද යොක්තෙයෙල්ද,

මිශ්පේද කෙපිරාද මොශාද,

එවිට දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වාත් ගිලියද් දේශයෙත් සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් පිටත්ව ඇවිත් සභාව එක්කෙනෙකු මෙන් මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට රැස්වුණාය.

අපෙන් කිසිවෙක් තමාගේ දුවෙකු බෙන්යමින් මනුෂ්‍යයෙකුට භාර්යාකොට නොදෙන්නෙමුයයි ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් විසින් මිශ්පාහිදී දිවුරා තිබුණේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්