Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෙරෙමියා 40:12

Sinhala Revised Old Version

එවිට සියලු යුදෙව්වරු තමුන් පන්නනු ලැබූ සියලු තැන්වලින් හැරී යූදා දේශයේ මිශ්පාට ගෙදලියා ළඟට ඇවිත්, මුද්‍රිකපානයද ඉදුණු ඵලද බොහොමයක් එකතුකරගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

තණකොළ පහවී ලා තෘණ පෙනෙන්නේය, කඳුවල පලා ජාති එකතුකරනු ලබන්නේය.

එබැවින් යාසෙර් අඬන්නාක්මෙන් මම සිබ්මාහි මිදිවැල ගැන අඬන්නෙමි. අනේ, හෙෂ්බොන් සහ එලෙයාලේ, නුඹලා මාගේ කඳුළුවලින් තෙමන්නෙමි. මක්නිසාද නුඹේ නියඟ කාලයේ ඵල පිටද අස්වැන්න පිටද යුද්ධ ඝෝෂාව පැමිණෙන්නේය.

මම වනාහි අප ළඟට එන්නාවූ කල්දිවරුන් ඉදිරිපිට පෙනී සිටින්ට මිශ්පාහි වාසයකරමි. නුඹලා මුද්‍රිකපානයද ඉදුණු ඵලද තෙල්ද එකතුකොට නුඹලාගේ භාජනවල තබා, නුඹලා ලබාගත් නුවරවල වාසයකරන්නැයි කීවේය.

තවද කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද පිටිසර සිටි සේනාවල සියලු අධිපතීහුද මිශ්පාට ගෙදලියා ළඟට ඇවිත්:

තවද ඉෂ්මායෙල් සෙනඟගෙන් ඉතිරිවී මිශ්පාහි සිටි සියල්ලන්, එනම් රජුගේ දූවරුන්ද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් විසින් අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියාට භාරදුන්නාවූ, මිශ්පාහි ඉතිරිව සිටියාවූ මුළු සෙනඟද අල්ලාගත්තේය. නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් ඔවුන් ගෙන අම්මොන් පුත්‍රයන් ළඟට යන්ට ගියේය.

නුමුත් කාරේයාගේ පුත්‍රවූ යොහානාන් සහ සේනාවල සියලු අධිපතීහුද යූදාවරු යම් යම් ජාතීන් අතරට පන්නනු ලැබුවාහුද, යූදා දේශයෙහි සිටීමට ඒ සියලු ජාතීන් අතරෙන් හැරී ආවාවූ ඉතිරිව සිටි සියලු යූදාවරුන් වන,

නුමුත් අප විසින් අහස් දේවීහට සුවඳ දුම් ඔප්පුකිරීමත් ඈට පානපූජා වැගිරවීමත් අත්හැරිය දා සිට සෑම දේම අපට හිඟවී, අපි කඩුවෙන්ද සාගතයෙන්ද නැතිවුණෙමුව.

මාගේ බැටළුවෝ සියලු කඳුවලද උස්වූ සියලු හෙල් පිටද මුළාවගියෝය. එසේය, මුළු පොළෝතලයෙහි මාගේ බැටළුවෝ විසිරගියෝය; උන් සොයන්ට හෝ බලන්ට හෝ කිසිවෙක් නොවීය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්