ඒ දවසේදී රජුගේ සිතද අධිපතීන්ගේ සිත්ද බයාදුවන්නෝය; පූජකයෝ විස්මපත්වනනෝය, අනාගතවක්තෘවරුද ත්‍රස්තවන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
එකල නුවර අසුවී කල්දිවරුන් නුවර වටකර සිටිද්දී, සියලු යුද්ධකාරයෝ රජ උයන ළඟ පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් රාත්‍රියේ පලාගියෝය. රජ අරබා සමභූමි පාරෙන් ගියේය.
මාගේ සිත තණකොළ මෙන් තැළී වියළී තිබේ; මක්නිසාද ආහාර ගැනීම මට මතක නැතිවෙයි.
ඒ දවසේ මිසරවරු ස්ත්‍රීන් මෙන් වී, සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන්ට විරුද්ධව සොලවන උන්වහන්සේගේ, අතේ සෙලවීමට භයපත්වී, වෙවුලන්නෝය.
මිසරවරුන්ගේ ආත්මයද ඔවුන් තුළ හිස්වන්නේය; මම ඔවුන්ගේ මන්ත්‍රණය නිෂ්ඵලකරන්නෙමි. ඔවුන් පිළිමවලින්ද මතුරන්නන්ගෙන්ද ආත්මබන්ධනකාරයන්ගෙන්ද අණවිනකාරයන්ගෙන්ද විභාගකරනවා ඇත.
එය එන එන විට නුඹලාව අල්ලාගන්නවා ඇත; මක්නිසාද උදයෙන් උදයද රෑ දාවල්ද එය එනවා ඇත. ඒ ආරංචිය තේරුම්ගැනීමම භීතියක්ව තිබෙයි.
හොරෙක් අසුවූ විට ලජ්ජාවට පැමිණෙන්නාක්මෙන් ඉශ්‍රායෙල් වංශයද ඔවුන්ගේ රජවරුද ඔවුන්ගේ අධිපතියෝද ඔවුන්ගේ පූජකයෝද ඔවුන්ගේ ප්‍රොපේතවරුද ලජ්ජාවට පැමිණෙති.
එඬේරුනි, කෑමොරගසා හඬන්න; රැළේ ප්‍රධානියෙනි, අලුවල පෙරළී ඉඳින්න. මක්නිසාද මැරුම්කෑමට නුඹලාගේ දවස් සම්පූර්ණවී තිබේ; මම නුඹලා කැබලිකොට බිඳින්නෙමි. නුඹලාද අනර්ඝ භාජනයක් මෙන් වැටෙනවා ඇත.
බබිලෝනියේ රජ නුඹටවත් මේ දේශයටවත් විරුද්ධව නොඑන්නේය කියා නුඹලාට අනාගතවාක්‍ය කීවාවූ නුඹලාගේ අනාගතවක්තෘවරු ඉතින් කොයිද?
නගරවල් අසුවිය, බලකොටුද අල්ලාගනු ලැබීය, ඒ දවසේ මෝවබ්හි බලවතුන්ගේ සිත බිහිකරන ස්ත්‍රියෙකුගේ සිත මෙන් වන්නේය.
අනාගතවක්තෘවරු බොරුවට අනාගතවාක්‍ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනඟද එසේ වීමට ප්‍රියවෙති; නුමුත් එහි කෙළවරදී නුඹලා කරන්නේ කුමක්ද?
එවිට නුවර බිඳිනු ලැබීය, සියලු යුද්ධකාරයෝ වනාහි කල්දිවරුන් නුවරට විරුද්ධව වටකර සිටියදී, රජ උයන ළඟ පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් රාත්‍රියෙහි නුවරින් පිටත්වී, අරබා සමභූමි මාර්ගයෙන් පලාගියෝය.
අනාගතවක්තෘවරුන්ගේ පොත්වල කියා තිබෙන කාරණා නුඹලා පිටට නොපැමිණෙන ලෙස බලාගන්නැයි කීවේය.