මම පොළොව දෙස බැලූ විට ඒක පාළුව හිස්ව තිබෙන බවත් අහස දෙස බැලූ විට එහි එළිය නැති බවත් දුටිමි.
පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මය ජලමතුයෙහි හැසිරෙමින් සිටිසේක.
මක්නිසාද අහසේ තාරකාද ග්‍රහ පංක්තිද ඒවායේ එළිය නොදෙන්නෝය. ඉර ස්වකීය ගමනේදී අඳුරුවන්නේය, සඳද තමාගේ එළිය බැබළෙන්ට නොදෙන්නේය.
ඔව්හු ඒ දවසේ මුහුදේ ගර්ජනාව මෙන් මොවුන්ට විරුද්ධව ගර්ජනාකරන්නෝය. එවිට දේශය දෙස යමෙක් බැලුවොත් අන්ධකාරයත් විපතත් පෙනෙයි, එහි වලාකුල්වල එළිය අඳුරුවී තිබේ.
අහෝ ස්වර්ගයෙනි, මේ ගැන විස්මයට පත්වී ත්‍රස්තවී ඉතා මවිතවෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
කඳු ගැන ඇඬීමක්ද ළතෝනියක්ද කාන්තාරයේ තෘණ බිම් ගැන විලාපයක්ද පවත්වන්නෙමි, මක්නිසාද කිසිවෙක් එහි නොයන හැටියට ඒවා දාලාගියේය; සිව්පාවුන්ගේ හඬ නෑසෙන්නේය; ආකාශයේ පක්ෂීහුද මෘගයෝද පලාගොස් අහක්වුණෝය.
උන්වහන්සේ මා ගෙනගොස් එළියෙහි නොව අන්ධකාරයෙහි ඇවිදින්ට සැලැස්වූසේක.
උන් ඉදිරියෙහි පොළොව වෙවුලන්නේය; අහස සෙලවෙන්නේය. ඉර හඳ අඳුරුවන්නේය, තාරකාවල දිලිහීමද නවතින්නේය.
තවද මම ඒ කාලයේ ඉර මුදුන් වේලාවට ඉර බසින්ට සලස්වා, එළිය ඇති දවසේදී දේශය අන්ධකාරකරන්නෙමි.
ඒ කාලයේදී එළිය දීප්තිමත් නොවන්නේය, කළුවරද තිබෙයි.
තවද ඒ දවස්වල පීඩා පසුවූ කෙනෙහිම, ඉර අඳුරුවන්නේය, සඳ එහි එළිය නොදෙන්නේය, තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නෝය.
අහසත් පොළොවත් පහවන්නේය, නුමුත් මාගේ වචන පහ නොවන්නේය.
තවද මහත් සුදු සිංහාසනයක්ද එහි වැඩහුන් තැනන්වහන්සේද දුටිමි, උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලාගියේය; ඒවාට ස්ථානයක් සම්බනූණේය.