Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෙරෙමියා 39:4

Sinhala Revised Old Version

තවද යූදාහි රජවූ ශෙදෙකියාද සියලු යුද්ධකාරයෝද ඔවුන් දුටු විට, පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් රජ උයනේ පාරෙන් නුවරින් රාත්‍රියේ පිටත්ව පලාගියෝය. රජද අරබා සමභූමියේ මාර්ගයෙන් නික්ම ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

17 හුවමාරු යොමු  

ඔහු ධෛර්ය උපදවාගෙන, කඩා වැටී තිබුණු මුළු පවුර කොත් දක්වා ගොඩනැගුවේය, පිටතින් ඔහු තවත් පවුරක් ගොඩනගා, දාවිත්ගේ නුවර තිබුණ මිල්ලෝ සවිකර, බොහෝ ආයුධ හා පලිස් සෑදුවේය.

පරණ පොකුණේ වතුරට පවුරු දෙක අතරේ ජලාශයක් සෑදුවහුය. එහෙත් ඒක කළ තැනන්වහන්සේ දෙස නුඹලා බැලුවේවත් මීට බොහෝ කලකට පළමුවෙන් ඒක තැනූ තැනන්වහන්සේ සැලකුවේවත් නැත.

නුඹේ සියලු අධිපතියෝ එක්ව පලාගිය නුමුත් දුනුකාරයන්ට අසුවුණෝය; දුරට පලාගියාවූ, නුඹ තුළ සම්බවුණු සියල්ලෝ අසුවුණෝය.

එකල මම අරියෙල්ට විපත පමුණුවන්නෙමි, එකල්හි ශෝකය සහ වැලපීම වන්නේය. ඒකද මට අරියෙල් මෙන් වන්නේය.

යූදාහි රජවූ ශෙදෙකියාද කල්දිවරුන්ගේ අතින් නොගැළවී, සැබවින්ම බබිලෝනියේ රජුගේ අතට පාවාදෙනු ලැබ, ඔහුගේ මුඛය මොහුගේ මුඛය සමඟ කථාකරන්නේය, ඔහුගේ ඇස් මොහුගේ ඇස් දකින්නේය.

ඔහු ශෙදෙකියා බබිලෝනියට ගෙන යන්නේය, මා මොහු දෙස බලා විමසන තුරු මොහු එහි සිටිනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලා කල්දිවරුන්ට විරුද්ධව යුද්ධකළත් නුඹලාට ජය නොලැබෙන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි නුඹ කියන්නේ මක්නිසාදැයි කියා ඔහු හිර අඩස්සිකෙළේය.

ඔවුන් අතරේ සිටින අධිපතියාද බඩු කරට ගෙන, අඳුරුවූ කල්හි පිටතට එනවා ඇත. පිටතට ගෙනෙන පිණිස ඔවුන් පවුර හාරනවා ඇත. ඔහු තමාගේ ඇස්වලින් බිම නොදකින පිණිස තමාගේ මුහුණ වසා ගන්නවා ඇත.

නුඹේ බඩු මාර්ගෝපකරණ මෙන් දවාලෙහි ඔවුන් බලාසිටියදී පිටතට ගෙන, මිනිසුන් වහල්කමට පිටත්ව යන්නාක්මෙන් සවස ඔවුන් බලාසිටියදී පිටත්වෙන්න.

මම මාගේ මුහුණ නුඹලාට විරුද්ධව යොමු කරන්නෙමි, නුඹලා නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. නුඹලාට වෛරකරන අය නුඹලා කෙරෙහි අධිපතිකම් කරන්නහුය; කිසිවෙක් නොඑළවන කල නුඹලා පලායන්නහුය.

නුඹලාගෙන් ඉතුරුවෙන්නන් ගැන නම්, මම ඔවුන්ගේ සතුරන්ගේ දේශවලදී ඔවුන්ගේ සිත්වලට ක්ලාන්තභාවයක් පමුණුවන්නෙමි. සැලෙන කොළයක ශබ්දයට ඔව්හු දුවන්නෝය; කඩුව ඉදිරියෙන් යමෙක් පලායන්නාක් මෙන් ඔව්හු පලා ගොස් කිසිවෙකු ඔවුන් නොඑළවන කල වැටෙන්නෝය.

එබැවින් පලායාම ශීඝ්‍ර අයගෙන් නැතිවන්නේය, බලවත් අයද තමාගේ ශක්තිය වැඩිකරගන්නේවත් බලවතා තමාගේ ප්‍රාණය ගළවාගන්නේවත් නැත.

ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන් ඉදිරියෙහි නුඹ පරාජයවෙන්ට සලස්වනසේක. නුඹ ඔවුන්ට විරුද්ධව එක මගකින් ගොස් සත් මගකින් ඔවුන් ඉදිරියෙන් පලායන්නෙහිය. නුඹ පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ ගෙනයනු ලබන්නෙහිය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්