නුඹේ සියලු භාර්යාවන්ද දරුවන්ද කල්දිවරුන් ළඟට ගෙනයන්ට යෙදෙනවා ඇත. නුඹත් ඔවුන්ගේ අතින් නොගැළවී බබිලෝනියේ රජු අතට අසුවන්නෙහිය. නුඹ මේ නුවරත් ගිනිලන්ට සලස්වන්නෙහියයි කීවේය.
ඔව්හු ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ඇස් හමුවෙහි මරා, ඔහුගේ ඇස් අන්ධකොට, ඔහු විලංගු දමා බබිලෝනියට ගෙන ගියෝය.
මා විසින් ශුභය පිණිස නොව විපත්තිය පිණිස මාගේ මුහුණ මේ නුවර කෙරෙහි යොමා තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එය බබිලෝනියේ රජු අතට පාවාදෙනු ලබන්නේය, ඔහු එය ගින්නෙන් දවා දමන්නේය.
යූදාහි රජවූ ශෙදෙකියාද කල්දිවරුන්ගේ අතින් නොගැළවී, සැබවින්ම බබිලෝනියේ රජුගේ අතට පාවාදෙනු ලැබ, ඔහුගේ මුඛය මොහුගේ මුඛය සමඟ කථාකරන්නේය, ඔහුගේ ඇස් මොහුගේ ඇස් දකින්නේය.
නුඹද ඔහුගේ අතින් නොගැළවී, සැබවින් අසුවී, ඔහු අතට දෙනු ලබන්නෙහිය; නුඹේ ඇස්ද බබිලෝනියේ රජුගේ ඇස් දකිනවා ඇත, ඔහුගේ මුඛයද නුඹේ මුඛය සමඟ කථාකරනවා ඇත, නුඹ බබිලෝනියට පැමිණෙනවා ඇත.
කල්දිවරු හැරී ඇවිත් මේ නුවරට විරුද්ධව යුද්ධකොට, මේක අල්වා, ගින්නෙන් දවාදමනවා ඇත.
එහෙත් නුඹ බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට පිටතට නොගියොත්, මේ නුවර කල්දිවරුන් අතට අසුවන්නේය, ඔව්හු ඒක ගිනිලන්නෝය, නුඹද ඔවුන්ගේ අතින් ගැළවෙන්නේ නැතැයි කීවේය.
ශෙදෙකියාද: මේ වචන කිසිවෙක් දැන නොගනීවා, එවිට නුඹ මරණයට පත්වන්නේ නැත.
නමුත් කල්දිවරුන්ගේ සේනාව ඔවුන් පස්සේ එළවාගන ගොස්, යෙරිකෝවේ සමභූමිවලදී ශෙදෙකියාට ළංවී ඔහු අල්ලා, හමාත් දේශයේ රිබ්ලාහි සිටි බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ළඟට ඔහු ගෙනගියෝය, ඔහුද ඔහු ගැන තීන්දුව දුන්නේය.
එවිට බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්‍රයන් රිබ්ලාහිදී ඔහුගේ ඇස් ඉදිරියේ මැරීය. බබිලෝනියේ රජ යූදාහි සියලු උත්තමයන්ද මැරීය.
තවද ඉෂ්මායෙල් සෙනඟගෙන් ඉතිරිවී මිශ්පාහි සිටි සියල්ලන්, එනම් රජුගේ දූවරුන්ද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් විසින් අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියාට භාරදුන්නාවූ, මිශ්පාහි ඉතිරිව සිටියාවූ මුළු සෙනඟද අල්ලාගත්තේය. නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් ඔවුන් ගෙන අම්මොන් පුත්‍රයන් ළඟට යන්ට ගියේය.
ඔවුන්ගේ ගෙවල්ද කෙත්ද භාර්යාවෝද එකට අන්‍යයන්ට අයිතිවන්නෝය. එසේය, දේශයේ වැසියන්ට විරුද්ධව මාගේ අත දිගුකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
අනාගතවක්තෘ රැවටී වචනයක් කියනවා නම්, ස්වාමීන්වහන්සේ වන මම ඒ අනාගතවක්තෘ රැවටෙන්ට සැලැස්වීමි, මම ඔහුට විරුද්ධව මාගේ අත දිගුකොට, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් අතරෙන් ඔහු නාස්තිකරන්නෙමි.
නුමුත් ඔහු අශ්වයන් සහ බොහෝ සෙනඟ ලබාගන්ට තමාගේ තානාපතියන් මිසරයට යැවීමෙන් ඔහුට විරුද්ධව කැරළිගැසුවේය. ඔහු සඵලවේද? මෙබඳු දේ කරන්නා ගැළවේද? ගිවිසුම කඩකරලාත් ඔහු ගැළවෙනවා ඇද්ද?
මා දුටු පෙනීම නම් නුවර විනාශකරන්ට මා එද්දී මා විසින් දුටු දර්ශනයේ පෙනීම මෙන්ය; ඒ දර්ශනද කෙබාර් ගංගාව ළඟදී මා දුටු දර්ශනය මෙන්ය. එවිට මම මුහුණින් වැටුණෙමි.
කොහාත්වරුන්ගේ පවුල්වල ගෝත්‍රය ලෙවීවරුන් අතරෙන් නාස්තිවෙන්ට ඉඩ නෑර,