රජු ඒ පොතද බාරුක් යෙරෙමියාගේ මුඛයෙන් අසා ලියූ වචනද දැවූ පසු, ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය:
බාරුක් උත්තරදෙමින්: ඔහු මේ සියලු වචන තමාගේ මුඛයෙන්ම මට කියාදුන්නේය, මමද තීන්තෙන් පොතෙහි ලිවීමියි කීවේය.
යෙහූදී තීර තුන හතරක් කියෙවූ කල රජ ලියන්නාගේ පිහියෙන් ඒක කපා භාජනයෙහි තිබුණු ගින්නට දැමුවේය, භාජනයෙහි තිබුණු ගින්නෙන් මුළු පොත දාලා ගියේය.
එවිට යෙරෙමියා නේරියාගේ පුත්‍රවූ බාරුක් කැඳවාගත්තේය; බාරුක්ද ස්වාමීන්වහන්සේ යෙරෙමියාට කියා තිබුණු උන්වහන්සේගේ සියලුම වචන ඔහුගේ මුඛයෙන් අසා අකුළන පොතක ලියුවේය.