තවද එල්නාතාන්ද දෙලායාද ගෙමරියාද පොත නොදවන ලෙස රජුගෙන් ඉල්ලා සිටියෝය. නුමුත් ඔහු ඔවුන්ට ඇහුම්කන් නුදුන්නේය.
රූබෙන් ඔහු ඔවුන්ගේ අත්වලින් මුදා ඔහුගේ පියාට නැවත භාරදෙන අදහසින් ඔවුන්ට කථාකොට: ලේ නොවගුරුවා වනයෙහි තිබෙන මේ වළේ ඔහු දමන්න; එහෙත් ඔහු පිට අත් හෙළන්ට එපායයි කීය.
දුෂ්ටයා තමාගේ මුහුණ දැඩිකරගනියි; එහෙත් අවංක තැනැත්තා තමාගේ මාර්ගය කල්පනාකර බලයි.
එවිට අධිපතීහුද මුළු සෙනඟද පූජකයන්ටත් ප්‍රොපේතවරුන්ටත් කථාකොට: මේ මනුෂ්‍යයා මැරුම්කන්ට යුතු නැත; මක්නිසාද මොහු අපට කථාකළේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන්යයි කීවෝය.
නුමුත් යෙහෝයාකීම් රජ අක්බොර්ගේ පුත්‍රවූ එල්නාතාන්ද ඔහු සමඟ තවත් මනුෂ්‍යයන්ද මිසරයට යැවීය.
එවිට බාරුක් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ඉහළ මළුවේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අලුත් දොරටුව ළඟ තිබුණාවූ, ලේකම වන ෂාපාන්ගේ පුත්‍රවූ ගෙමරියාගේ ඇතුල් ගෙයි සිට යෙරෙමියාගේ වචන මුළු සෙනඟට ඇසෙන පිණිස පොතෙන් කියෙවුවේය.
ඔහු රජගෙදරට ලේකමගේ ඇතුල්ගෙට බැසගියේය. එහි සියලු අධිපතියෝ වන එලිෂාමා ලේකමද ෂෙමායාගේ පුත්‍රවූ දෙලායාද අක්බොර්ගේ පුත්‍රවූ එල්නාතාන්ද ෂාපාන්ගේ පුත්‍රවූ ගෙමරියාද හනනියාගේ පුත්‍රවූ ශෙදෙකියාද අනික් සියලු අධිපතියෝද වාඩිවී උන්නෝය.
නිදොස් ලේ පාවාදීමෙන් මම පව්කෙළෙමියි කීවේය. නුමුත් ඔව්හු: එයින් අපට කම මොකද? නුඹම බලාගන්නැයි කීවෝය.