ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹට කී සියලුම වචන පොතක ලියන්න.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මම අමලෙක්වරුන් ගැන සිහිවීම අහස යටින් සහමුලින් මකාදමන්නෙමැයි යන මෙය සිහිවීම පිණිස පොතක ලියා, යෝෂුවාට ඇසෙන්ට කියාදෙවයි කීසේක.
ඉතින් මතු සදාකාලේටම තිබෙන පිණිස නුඹ ගොස් ඔවුන් ඉදිරියෙහි ඒක ලෑල්ලක ලියා පොතක සටහන්කර තබන්න.
ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ මහත් ලෑල්ලක් ගෙන මනුෂ්‍යයෙකුගේ පන් හිඳෙන් මහෙර්-ෂාලාල්-හාෂ්-බස්යයි එහි ලියන්න.
මා විසින් ඒ දේශයට විරුද්ධව කීවාවූ මාගේ සියලුම වචන වන යෙරෙමියා සියලු ජාතීන්ට විරුද්ධව අනාගතවාක්‍යයෙන් කීවාවූ මේ පොතෙහි ලියා තිබෙන සියල්ලම ඒ දේශය පිටට පමුණුවන්නෙමි.
ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනය මේය.
නුඹ නැවත වෙන පොතක් රැගෙන යූදාහි රජවූ යෙහෝයාකීම් දැවුවාවූ පළමු පොතේ තිබුණු ප්‍රථම වචන සියල්ලම ලියන්න.
එවිට යෙරෙමියා වෙන පොතක් ගෙන නේරියාගේ පුත්‍රවූ බාරුක් ලේකම්ට දුන්නේය; ඔහුද යූදාහි රජවූ යෙහෝයාකීම් ගින්නෙන් දවාදැමුවාවූ පොතේ සියලු වචන යෙරෙමියාගේ මුඛයෙන් අසා එහි ලියුවේය. ඒ වාගේ තවත් බොහෝ වචනත් ඒවාට එකතු කරනලද්දේය.
නුමුත්, දානියෙල්, නුඹ මේ වචන වසා, අන්තිම කාලය දක්වා පොත මුද්‍රකර තබන්න. බොහෝ දෙනෙක් එය කියවා බලනවා ඇත, දැනගැන්මද වැඩිවන්නේයයි කීවේය.
මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.
ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය.
එබැවින් මේ ගීතිකාව ලියාගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන්ට උගන්වන්න. මේ ගීතිකාව ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව මා උදෙසා සාක්ෂියක් වන පිණිස ඒක ඔවුන්ගේ මුඛයෙහි තබන්න.
මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය.
එවිට: නුඹ දකින දේ පොතක ලියා, එපීස, ස්මර්ණ, පර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලෙදල්පියා, ලෙවාදික යන මේ සභා හතට අරින්නැයි කියන්නාවූ හොරණෑවක මෙන් මහත් ශබ්දයක් මා පස්සෙන් ඇසීමි.
එබැවින් නුඹ දුටු දේද දැන් තිබෙන දේද මින්පසු සිදුවන්ට තිබෙන දේද වන,