යෙරෙමියා 3:12Sinhala Revised Old Versionනුඹ ගොස් උතුරු දෙසට මේ වචන ප්‍රකාශකරන්න: අහක්ව ගියාවූ ඉශ්‍රායෙල්, හැරී එන්නැයි ස්වාමීන්වහන්සේ කියන සේක; මම නුඹලා දෙස කෝපයෙන් නොබලන්නෙමි; මක්නිසාද මම කරුණාවන්තයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, මම සදාකාලේටම උදහස තබා නොගන්නෙමි. පරිච්ඡේදය බලන්න |
මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේ වෙතට හැරුණොත්, නුඹලාගේ සහෝදරයන්ද දරුවන්ද තමුන් අල්ලාගෙන ගිය අයගෙන් කරුණාව ලැබ මේ දේශයට නැවත හැරී එනවා ඇත. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දයාවද අනුකම්පාවද ඇත්තාවූ කෙනෙක්ය, නුඹලා උන්වහන්සේ වෙතට හැරුණොත් උන්වහන්සේ ස්වකීය මුහුණ නුඹලා කෙරෙන් හරවා නොගන්නාසේකැයි කීවෝය.