ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹ නුඹේම නාමයෙන් යෙරුසලමෙහි සිටින මුළු සෙනඟටත් මයසේයාගේ පුත්‍රවූ පූජකයාවූ ශෙපනියාටත් සියලු පූජකයන්ටත් ලියුම් ලියමින්:
හෙසකියා පණිවිඩකාරයන් අතින් ලියුම ගෙන කියවා, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගොස්, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒක විදහා පා,
කූෂ්හි රජවූ තිර්හාකා රජ නුඹට විරුද්ධව යුද්ධකරන්ට එන්නේයයි ඔහුට සැලවිය. එවිට ඔහු හෙසකියා ළඟට නැවත පණිවිඩකාරයන් එවා:
තවද ඔහු දේශවල ජාතීන්ගේ දෙවිවරුන් තමුන්ගේ සෙනඟ මා අතින් නොගැළවූවාක් මෙන් හෙසකියාගේ දෙවියනුත් තමන්ගේ සෙනඟ මාගේ අතින් ගළවන්නේ නැත කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නින්දාකර, උන්වහන්සේට විරුද්ධව කථාකරන පිණිස ලියුම් ලියා එවුවේය.
තවද ඒ දවස්වලදී යූදාහි උත්තමයෝ ලියුම් බොහොමයක් ටෝබියාට ඇරියෝය, ටෝබියාගෙන්ද ඔවුන්ට ලියුම් ලැබුණේය.
තවද ඔහුගේ හොඳ ක්‍රියා ගැන ඔව්හු මා ඉදිරියේදී කීවෝය, මාගේ වචනද ඔහුට දැන්නුවෝය. ටෝබියාද මා භයගන්වන්ට ලියුම් එවීය.
එවිට සන්බලාට් තෙම එපරිද්දෙන්ම තමාගේ සේවකයා අත නොපියෙවු ලියුමක් පස්වෙනි වරට මා ළඟට එවුවේය.
යෙකොනියා රජුද මවු බිසවද නපුංසකයන්ද යූදා සහ යෙරුසලමේ අධිපතීන්ද කර්මාන්තකාරයන්ද ආචාරීන්ද යෙරුසලමෙන් ගියායින් පසු,
අනාගතවක්තෘවූ යෙරෙමියා අසාගන සිටිද්දී පූජකවූ ශෙපනියා ඒ ලියුම කියෙවුවේය.
එහෙත් ශෙදෙකියා රජ ෂෙලෙමියාගේ පුත්‍රවූ යෙහූකල්ද පූජකවූ මයසේයාගේ පුත්‍රවූ ශෙපනියාද අත: අනේ අප උදෙසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නැයි අනාගතවක්තෘවූ යෙරෙමියාට කියා ඇරියේය.
තවද රැකවලුන්ගේ අධිපතියා උත්තම පූජකයාවූ සෙරායාද දෙවෙනි පූජකයාවූ ශෙපනියාද දොරටුපාලයන් තුන්දෙනාද අල්ලාගත්තේය.
ඒ ලබ්ධි මාර්ගයට අයිති අයවලුන්ගෙන් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බවුණොත් ඔවුන් බැඳ යෙරුසලමට ගෙන එන පිණිස දමස්කයේ සිනගෝගවලට ඔහුගෙන් ලියුම් ඉල්ලාගත්තේය.