යෙරෙමියා 27:6Sinhala Revised Old Versionදැනුදු මමම මේ සියලු දේශ මාගේ සේවකයාවූ, බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ගේ අතට දුනිමි; ඔහුට සේවයකරන්ට වනයේ සත්වයන්ද ඔහුට දුනිමි. පරිච්ඡේදය බලන්න |
තවද උන්වහන්සේ යූදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මට අණකර තිබේ. උන්වහන්සේගේ මුළු සෙනඟගෙන් නුඹලා අතරේ සිටින්නේ කවුද? ඔහු සමඟ ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිටිනසේක්වා, ඔහු එතැනටයේවයි පාර්සියාවේ කෝරෙෂ් කියන්නේය කියා තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රසිද්ධියක් කොට, ලියවිල්ලෙනුත් එය පතළ කෙරෙවුවේය.
ඉන්පසු මම යූදාහි රජවූ ශෙදෙකියාද, ඔහුගේ සේවකයන්ද, සෙනඟද, එනම් වසංගතයෙනුත් කඩුවෙනුත් සාගතයෙනුත් මේ නුවර ඉතුරු වෙන්නන්, බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් පාවාදෙන්නෙමි. ඔහුද ඔවුන්ට කරුණා නොකොට, අනුකම්පාකරන්නේවත් දයාවෙන්නේවත් නැතුව, ඔවුන්ට කඩුමුවහතින් පහර දෙන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.