ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනය ඇත්තාවූ ප්‍රොපේතවරු නම්, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙත් යූදාහි රජුගේ ගෘහයෙත් යෙරුසලමෙත් ඉතුරුව තිබෙන භාණ්ඩ බබිලෝනියට ගෙනනොයන ලෙස සේනාවල ස්වාමීන්වහන්සේට කන්නලව්කරත්වා.
ආබ්‍රහම් දෙවියන්වහන්සේට යාච්ඤාකෙළේය. දෙවියන්වහන්සේ අබිමෙලෙක් සහ ඔහුගේ භාර්යාවද ඔහුගේ දාසීන්ද සුවපත් කළසේක; එවිට ඔව්හු දරුවන් බිහිකළෝය.
නුඹලා නුඹලාගේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤාකරන්න, මමත් ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන්නෙමි. එවිට ගිනි එවීමෙන් උත්තරදෙන දෙවියන්වහන්සේම දෙවියන්වහන්සේ වන සේක්වයි කීවේය. මුළු සෙනඟ උත්තරදෙමින්: ඒ කීම යහපතැයි කීවෝය.
ඔව්හු තමුන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙළකොට උදය පටන් ඉරමුදුන් වේලාව දක්වා බාල්ගේ නාමයෙන් යාච්ඤාකරමින්: අහෝ, බාල්, ඔබ අපට උත්තරදුනමැනවයි කීවෝය. නුමුත් කිසි හඬක්වත් උත්තර දුන් කිසිවෙක්වත් නොවීය. ඔව්හු සාදා තිබුණු පූජාසනය වටේට නට නටා ඇවිද්දෝය.
ඒ නිසා හෙසකියා රජද ආමොස්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායාද යාච්ඤාකොට ස්වර්ගයට මොරගැසූහ.
එකල ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: මෝසෙස් සහ සාමුවෙල් මා ඉදිරියෙහි සිටියත් මාගේ සිත මේ සෙනඟ දෙසට හැරෙන්නේ නැත. ඔවුන් පිටතට යන පිණිස මා ඉදිරියෙන් හරින්න.
යහපතට නපුර කිරීම යුතුද? මක්නිසාද ඔව්හු මාගේ ප්‍රාණයට වළක් හෑරුවෝය. ඔවුන් කෙරෙන් ඔබගේ කෝපය පහකරන පිණිස ඔවුන් වෙනුවට යහපත කථාකරන්ට මා ඔබ ඉදිරියෙහි සිටිය බව සිහිකළ මැනව.
අනේ නුඹ අපේ කන්නලව්ව පිළිගෙන අප විසින් යා යුතු මාර්ගයත් අප විසින් කරන්ට යුතුදේත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දන්වන හැටියට මෙහි ඉතිරිව සිටින අප සියල්ලන් උදෙසා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න;
එබැවින් නුඹ වනාහි මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න, ඔවුන් උදෙසා විලාපයද යාච්ඤාවද ඔප්පු නොකරන්න, මට කන්නලව්ද නොකරන්න. මක්නිසාද මම නුඹේ බසට කන් නොදෙන්නෙමි.
නෝවාද දානියෙල්ද යෝබ්ද යන මේ මනුෂ්‍යයන් තුන්දෙනා එහි සිටියත්, ඔවුන් තමුන්ගේ ධර්මිෂ්ඨකමින් තමුන්ගේම ප්‍රාණ පමණක් ගළවාගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
මා විසින් දේශය නාස්ති නොකරන පිණිස පවුරක් ගොඩනගා දේශය උදෙසා මා ඉදිරිපිට කඩුල්ලෙහි සිටීමට ඔවුන් අතරේ මනුෂ්‍යයෙකු සෙවීමි. නුමුත් කිසිවෙක් මට සම්බනූණේය.
එබැවින් දෙවියන්වහන්සේ අපට දයාවන පිණිස දැන් උන්වහන්සේට කන්නලව්කරන්න. මේක වුණේ නුඹලා කරණකොටගෙනය. උන්වහන්සේ නුඹලාගෙන් කිසිවෙකුවත් පිළිගන්නවා ඇද්දැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
එවිට මුළු සෙනඟද: අප නොනසින පිණිස ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබගේ මෙහෙකරුවන් උදෙසා යාච්ඤාකළමැනවි. මක්නිසාද රජෙකු ඉල්ලීමේ වැරුද්ද අපේ අනික් සියලු පාපවලට එකතුකෙළෙමුයයි සාමුවෙල්ට කීවෝය.
ඇරත් මා විසින් නුඹලා උදෙසා යාච්ඤා නොකර සිටීමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කිරීම මාගෙන් දුරුවේවා. මම යහපත්වූ හරිවූ මාර්ගය නුඹලාට උගන්වන්නෙමි.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන්ගේ අතින් අප ගළවන පිණිස අප උදෙසා උන්වහන්සේට නොනැවතී යාච්ඤාකළමැනවැයි සාමුවෙල්ට කීවෝය.