Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෙරෙමියා 27:16

Sinhala Revised Old Version

ඇරත් මම පූජකයන්ටත් මේ මුළු සෙනඟටත් කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–බලව, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ දැන් ඉක්මනින්ම බබිලෝනියෙන් නැවත ගෙනෙනවා ඇත කියා නුඹලාට අනාගතවාක්‍ය කියන නුඹලාගේ ප්‍රොපේතවරුන්ගේ වචනවලට ඇහුම්කන් නොදෙන්න. මක්නිසාද ඔව්හු බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

ඔහු ස්වාමීන්වහන්සේ කී ලෙස ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තු සියල්ලද රජගෙයි වස්තුද එතැනින් පිටතට ගෙනයනුයේ, ඉශ්‍රායෙල් රජවූ සාලමොන් විසින් ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලිකොට කැපීය.

හිස නම් වෘද්ධයා සහ ගෞරව ඇත්තාය; වල්ගය නම් බොරු උගන්වන අනාගතවක්තෘය.

මක්නිසාද නුඹලාගේ රටෙන් නුඹලා දුරුකරන හැටියටත් මා විසින් නුඹලා පන්නාදමන හැටියටත් නුඹලා නැතිවන හැටියටත් ඔව්හු බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියති.

නුඹලා බබිලෝනියේ රජුට සේවයකරන්නේ නැතැයි කියන ප්‍රොපේතවරුන්ගේ වචනවලට ඇහුම්කන් නොදෙන්න. මක්නිසාද ඔව්හු බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියති.

බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් මේ ස්ථානයෙන් රැගෙන බබිලෝනියට ගෙනගිය ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සියලුම භාණ්ඩ මම සම්පූර්ණ අවුරුදු දෙකක් ඇතුළතදී නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි.

ස්වාමීන්වහන්සේද යූදාහි රජවූ යෙහෝයාකීම් සහ දෙවියන්වහන්සේගේ ගෘහයේ බඩුවලින් කොටසක් ඔහු අතට දුන්සේක; ඔහු ඒවා ෂීනාර් දේශයේ තමාගේ දෙවියන්ගේ ගෘහයට ගෙනැවිත්, ඒ බඩු තමාගේ දෙවියන්ගේ භාණ්ඩාගාරයෙහි තැබුයේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්