එවිට පූජකයෝද ප්‍රොපේතයෝද අධිපතීන්ටත් මුළු සෙනඟටත් කථාකොට: මේ මනුෂ්‍යයා මැරුම්කන්ට යුතුය; මක්නිසාද නුඹලාගේ කන්වලින් නුඹලා ඇසූ ලෙස මොහු මේ නුවරට විරුද්ධව අනාගතවාක්‍ය කීවේයයි කීවෝය.
නුමුත්, ස්වාමීන්වහන්ස, මා මරන්ට මට විරුද්ධව ඔවුන් යොදන සියලු කුමන්ත්‍රණ ඔබම දන්නාසේක; ඔවුන්ගේ අයුතුකම කමා නොකළ මැනව, ඔවුන්ගේ පාපයද ඔබගේ ඇස් හමුයෙන් නොමැකුව මැනව. ඔබ ඉදිරියෙහි ඔව්හු පැකිල වැටෙත්වා; ඔබගේ උදහස් කාලයේදී ඔවුන්ට ප්‍රතිඵල දුන මැනව.
එවිට අධිපතීහුද මුළු සෙනඟද පූජකයන්ටත් ප්‍රොපේතවරුන්ටත් කථාකොට: මේ මනුෂ්‍යයා මැරුම්කන්ට යුතු නැත; මක්නිසාද මොහු අපට කථාකළේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන්යයි කීවෝය.
අධිපතීහු රජුට කථාකොට: මේ මනුෂ්‍යයා මරනු ලැබේවා; මක්නිසාද මෙසේ මෙබඳු වචන කීමෙන් මොහු නුවර ඉතුරුව සිටින යුද්ධකාරයන්ගේ අත්ද මුළු සෙනඟගේ අත්ද බෙලහීනකරයි. එසේය, මේ මනුෂ්‍යයා මේ සෙනඟට ශුභසිද්ධිය නොව අන්තරායකරන්ට හදන්නේයයි කීවෝය.
නුඹලා කුමක් සිතවුදැයි කීවේය. ඔව්හු උත්තරදෙමින්; මොහු මරණයට සුදුස්සෙකැයි කීවෝය.
ඔව්හු උත්තරදෙමින්: මොහු වරදකාරයෙක් නොවේ නම්, අප විසින් ඔහු ඔබට භාරදෙන්නේ නැතැයි කීවෝය.
යුදෙව්වරු ඔහුට උත්තරදෙමින්: අපට ව්‍යවස්ථාවක් තිබේ, තමාම දෙවියන්වහන්සේගේ පුත්‍රයායයි ඔහු කී බැවින්, ඒ ව්‍යවස්ථාවේ හැටියට ඔහු මරනු ලැබිය යුතුයයි කීවෝය.
ඔව්හු මේ වචනය දක්වා ඔහුට ඇහුම්කන්දුන්නෝය; එවිට ඔව්හු ශබ්දනගා: මෙබඳු මනුෂ්‍යයා පොළොවෙන් අහක්කරන්න. මක්නිසාද මොහු ජීවත්වෙන්ට යුතු නැතැයි කිවෝය.
එහෙත් කියන්ට මා විසින් අණ නොකළ වචනයක් මාගේ නමින් හිතුවක්කාරකමින් කථාකරන්නාවූ නොහොත් අන් දෙවිවරුන්ගේ නාමයෙන් කථාකරන්නාවූ අනාගතවක්තෘ කෙනෙක් වේ නම් ඒ තෙමේ මරනු ලබන්නේය.
එවිට නුවර මනුෂ්‍යයෝ යෝවාෂ්ට කථාකොට: නුඹේ පුතා බාල්ගේ පූජාසනය කඩාදැමූ නිසාද ඒ ළඟ තිබුණු අෂේරා කණුව කැපූ නිසාද ඔහු මරන පිණිස පිටතට ගෙනෙන්නැයි කීවෝය.