ඒ මනුෂ්‍යයා වනාහි ස්වාමීන්වහන්සේ කරුණා නොකර නාස්තිකළ නුවරවල් මෙන් වේවා. උදයේ කෑගැසීමක්ද ඉර මුදුන් වේලාවේ ඝෝෂාකිරීමක්ද ඔහුට ඇසේවා.
නොහොත් සඟවනලද ගබ්සාවක් මෙන්ද එළිය නුදුටු ළදරුවන් මෙන්ද මට පැවැත්මක් නොවෙනවා ඇත.
මනුෂ්‍යයෙකුට දාව දරුවන් සියයක් උපන්නත්, ඔහු බොහෝ අවුරුදු ජීවත්වුණත්, ඔහුගේ අවුරුදු ගණන වැඩිවුණත්, ඔහුගේ ප්‍රාණය සැපයෙන් තෘප්තියට පැමිණෙන්නේවත් ඔහුට වැළලීමක් ලැබෙන්නේවත් නැත්නම්, ඔහුට වඩා ගබ්සාවීමක් හොඳයයි කියමි.
අහෝ මාගේ මෑණියෙනි, මුළු දේශය සමඟ තරඟද විවාදද කරන මනුෂ්‍යයෙකු වෙන්ට නුඹ මා බිහිකළ නිසා මට දුක්වේ! මම ණය නුදුන්නෙමි, ණය නොගත්තෙමි; එහෙත් සියල්ලෝම මට ශාපකරති.