ඔව්හු: මාගේ පියාණෝ නුඹයයි දණ්ඩකටද: නුඹ මා ඉපදෙවූවෙහියයි ගලකටද කියති. මක්නිසාද ඔව්හු මට තමුන්ගේ මුහුණ නොව පිට පෑවෝය. එහෙත් ඔවුන්ගේ විපත්ති කාලයේදී: ඔබ නැගිට අප ගැළෙවුව මැනවයි ඔවුන් කියනවා ඇත.
මක්නිසාද අපේ පියවරු ද්‍රෝහිකම් කරමින්, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කොට, උන්වහන්සේ අත්හැර ස්වාමීන්වහන්සේගේ වාසස්ථානය වෙතින් තමුන්ගේ මුහුණු අහක්කරගන පිටිපෑවෝය.
ස්වාමීන්වහන්ස, විපතේදී ඔව්හු ඔබ දෙස බැලුවෝය; ඔබගෙන් ඔවුන්ට දඬුවම පැමුණුණවිට ඔව්හු කන්නලව්වක් වැගිරෙවුවෝය.
ඔව්හු ඒකාකාරයෙන් මූඪව අඥානව සිටිති. ඒ පිළිමයන්ගේ ධර්මය, ලීයක් සමානය.
පෙරදිග හුළඟකින් මෙන් සතුරා ඉදිරියෙන් ඔවුන් විසුරුවන්නෙමි; ඔවුන්ගේ විපත්ති දවසේදී ඔවුන්ට මුහුණ නොව පිටුපාන්නෙමියි කියන්න.
කාන්තාරයට පුරුදුවූ, තෘෂ්ණාවට ඉව අල්ලන්නාවූ වල් කොටළුදෙනකි; ඇගේ කාලයේදී ඈ නවත්වන්නේ කවුද? ඈව සොයන කිසිවෙක් වෙහෙසෙන්නේ නැත; ඇගේ මාසයේදී ඈ සම්බවෙයි.
අහෝ ලෙබනොන්හි වාසයකරමින් කිහිරි ගස්වල කැදැල්ල තබන තැනැත්තිය, වේදනා එනම් බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් රුජාව නුඹට පැමිණෙන විට නුඹ කොපමණ කාලකණ්ණි නොවන්නෙහිද?
ඇගේ වේශ්‍යාකමේ නින්දිතකමින් ඈ දේශය පිළිකුල් කළාය, ඈ ගල් සහ දඬු සමඟ කාමමිථ්‍යාචාරය කළාය.
අහෝ! ඒ දවස මහත්ය, ඊට සමානවූ දවසක් නැත. ඒක යාකොබ්ගේ විපත්ති කාලයය; එහෙත් ඔවුන් එයින් ගළවනු ලබනවා ඇත.
ඔව්හු මට මුහුණ නොව පිට පෑවෝය. මා අලුයම් වේලාවේ පටන්ම ඔවුන්ට ඉගැන්වූ නුමුත් ඔව්හු අසා දැනමුතුකම පිළිනොගත්තෝය.
එහෙත් ශෙදෙකියා රජ ෂෙලෙමියාගේ පුත්‍රවූ යෙහූකල්ද පූජකවූ මයසේයාගේ පුත්‍රවූ ශෙපනියාද අත: අනේ අප උදෙසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නැයි අනාගතවක්තෘවූ යෙරෙමියාට කියා ඇරියේය.
අනේ නුඹ අපේ කන්නලව්ව පිළිගෙන අප විසින් යා යුතු මාර්ගයත් අප විසින් කරන්ට යුතුදේත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දන්වන හැටියට මෙහි ඉතිරිව සිටින අප සියල්ලන් උදෙසා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න;
එබැවින් නුඹ මා සිහිනැතිකර නුඹේ පිටිපස්සට මා දැමූ නිසා නුඹද නුඹේ සල්ලාලකම සහ නුඹේ වේශ්‍යාකම් දරන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
උන්වහන්සේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඇතුල්මළුවට මා ගෙනාසේක, බලව, එහි මනුෂ්‍යයන් විසිපස් දෙනෙක් පමණ ස්වාමීන්වහන්සේගේ මාළිගාවේ දොරකඩ ද්වාර මණ්ඩපය සහ පූජාසනය අතරේ ස්වාමීන්වහන්සේගේ මාළිගාවට තමුන්ගේ පිටද නැගෙනහිරට තමුන්ගේ මුහුණද හරවාගෙන, නැගෙනහිර දෙස සූර්යයාට නමස්කාරකළෝය.
අහෝ ස්වාමීන්වහන්ස, ඔබට ධර්මිෂ්ඨකම අයිතිය, නුමුත් අද දවසේ තිබෙන්නාක්මෙන් මුහුණු–ලජ්ජාව අපට අයිතිය, එනම් යූදාහි මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් ඔබට විරුද්ධව කළ ද්‍රෝහිකම නිසා ඔබ විසින් පන්නාදමනු ලැබ, සියලු රටවල ළඟ සිටින්නාවූද දුර සිටින්නාවූද සියලු ඉශ්‍රායෙල්වරුන්ටත්ය.
මාගේ සෙනඟ තමුන්ගේ දණ්ඩෙන් විභාගකරති, ඔවුන්ගේ සැරයටියද ඔවුන්ට දන්වන්නේය. මක්නිසාද වේශ්‍යා ආත්මය ඔවුන් මුළාකෙරෙවුවේය, ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේ කෙරෙන් වෙන්ව ගොස් වේශ්‍යාකම් කළෝය.
ඔවුන් දඬුවම් විඳ මාගේ මුහුණ සොයන තුරු, මම මාගේ ස්ථානයට හැරීයන්නෙමි. ඔවුන්ට විපත පැමිණෙන විට ඔවුන් ඕනෑකමින් මා වෙතට එනවා ඇත.
ඔව්හු තමුන්ගේ යහන්වලදී කෑගසන විට තමුන්ගේ සිත්වලින් මට මොර නොගැසුවෝය. ඔව්හු ධාන්‍යයද මිදියුසද ගැන රැස්වී, මට විරුද්ධව කැරළිගසති.