ඉශ්‍රායෙල් දාසයෙක්ද? නොහොත් ඔහු ගෙයි උපන් වහලෙක්ද? ඔහු කොල්ලයක් වී සිටින්නේ මන්ද?
ආබ්‍රම්ද: බැලුව මැනව, ඔබවහන්සේ මට කිසි දරුවෙකු නුදුන්සේක; මාගේ ගෙදර උපන් කෙනෙක් මාගේ උරුමක්කාරයායයි කීය.
දේශයෙහි උපන් තැනැත්තාටත් නුඹලා අතරෙහි විදේශීව සිටින්නාටත් එක ව්‍යවස්ථාවක් වන්නේයයි කීසේක.
නුඹ ඵාරාවෝට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–ඉශ්‍රායෙල් මාගේ පුත්‍රයාය, මාගේ කුලුඳුලාය.
මම දාසයන්ද දාසීන්ද මිලේට ගතිමි, මාගේ ගෙයි උපන් වැඩකාරයොත් මට සිටියෝය; යෙරුසලමෙහි මට ඉස්සර සිටි සියල්ලන්ට වඩා ගව රැළවල් හා එළු බැටළු රැළවල් මට උන්නෝය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹලාගේ මවු අත්හැරිය විට ඈට දුන් අත්හැරීම්-පත්‍රය කොතනද? නොහොත් මා විසින් නුඹලා වික්කේ මට ණය දුන් අයගෙන් කාටද? බලව, නුඹලා විකුණනු ලැබුවේ නුඹලාගේම අපරාධ නිසාත් නුඹලාගේ මවු අත්හරිනු ලැබුවේ නුඹලාගේම වරද නිසාත්ය.
මා විසින් නුඹට දුන් නුඹේ උරුමයෙන් නුඹ අහක්වන්නෙහිය; නුඹ නොදන්නා දේශයකදී නුඹේ සතුරන්ට සේවයකරන්ට නුඹට සලස්වන්නෙමි; මක්නිසාද නුඹලා මාගේ උදහසින් ගින්නක් දල්වා තිබේ, එය සදාකාලේටම ඇවිළී යනවා ඇත.
තවද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මේ සියල්ල අපට කළේ මක්නිසාදැයි නුඹලා අසන කල–නුඹලා මා අත්හැර නුඹලාගේම දේශයේදී අන්‍ය දෙවිවරුන්ට සේවයකළාක්මෙන්ම නුඹලාට අයිති නැති දේශයකදී නුඹලා අන්‍යයන්ට සේවයකරන්නහුයයි ඔවුන්ට කියන්න.