ඔහු සෑදූ මැටිභාජනය කුම්භකාරයාගේ අතේ නරක්වූ කල, නැවත ඒක සාදන්ට කුම්භකාරයාට හොඳව පෙනුණු ලෙස, ඔහු එයින් වෙන භාජනයක් සෑදුවේය.
තමාගේ මැවුම්කාරයා හා සමඟ පොරට සිටින්නාට දුක්වේ! මැටි කැබිලිති අතරේවූ කැබිලිත්තක හැටි! නුඹ හදන්නේ මොකක්ද කියා මැටි ඒවා අඹන්නාට කියන්ටවත් නුඹ හැදූ දෙය විසින්: ඔහුට අත් නැතැයි කියන්ටවත් යුතුද?
එකල මම කුම්භකාරයාගේ ගෙට ගියෙමි, බලව, ඔහු සකපෝරුවෙන් වැඩකරමින් සිටියේය.
එකල ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ මෙසේ වදාළේය:
එම්බා ඉශ්‍රායෙල් වංශය, මේ කුම්භකාරයා කරන ලෙස නුඹලාට කරන්ට මට බැරිදැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එම්බා ඉශ්‍රායෙල් වංශය, කුම්භකාරයාගේ අතෙහි තිබෙන මැටි මෙන් නුඹලා මාගේ අතෙහි සිටින්නහුය.