මළ තැනැත්තා ගැන ඔවුන් සනසන පිණිස වැලපීමේදී කිසිවෙක් ඔවුන්ට රොටි කඩා දෙන්නේවත්, ඔවුන්ගේ පියා නිසාවත් ඔවුන්ගේ මවු නිසාවත් සැනසීමේ කුසලානෙන් ඔවුන්ට පොවන්නේවත් නැත.
එවිට ඔහුගේ සියලු සහෝදරයෝද ඔහුගේ සියලු සහෝදරියෝද පළමු ඔහු ඇඳින සිටි සියල්ලෝද ඔහු ළඟට ඇවිත්, ඔහුගේ ගෙදර ඔහු සමඟ කෑම කා, ස්වාමීන්වහන්සේ ඔහුට පැමිණෙවු සියලු විපත්ති ගැන ඔහු සමඟ ශෝකවී, ඔහු සැනසුවෝය. එක් එක්කෙනා කෙසීටා [නම්] මිලයකුත් එක් එක්කෙනා රන් මුදුවකුත් ඔහුට දුන්නේය.
නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය.
මැරුණු කෙනෙකු ගැන නාඬන්න, ශෝක නොවෙන්න. අහක්ව යන්නාවූ අය ගැන තදින් අඬන්න; මක්නිසාද ඔහු තවත් හැරී නොඑන්නේය, තමා උපන් දේශයද තවත් නොදකින්නේය.
ඇගේ අපවිත්‍රකම ඇගේ වස්ත්‍ර පිට තිබුණේය; ඈ තමාගේ මතු කාලය සිහි නොකළාය; එබැවින් ඈ පුදුමලෙස පහළ බැස්සාය; ඈට සැනසිලිකාරයෙක් නැත. ස්වාමීන්වහන්ස, මාගේ දුක බැලුව මැනව; මක්නිසාද සතුරා උඩඟුකම්කෙළේය.
නිශ්ශබ්දව සුසුම්ලා, මළවුන් ගැන වැලපීමක් නොකර, නුඹේ තොප්පිය හිසේ බැඳගෙන; නුඹේ වහන් පාදවල දමාගන්න, තොල් වසා නොගෙන, මිනිසුන්ගේ රොටිද නොකා සිටින්නැයි කීය.
ඔවුන් මුද්‍රිකපානය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වගුරුවන්නේවත් ඔවුන්ගේ පූජාවලට උන්වහන්සේ ප්‍රසන්නවන්නේවත් නැත. ඒවා ඔවුන්ට ශෝකයේ ආහාර මෙන් වන්නේය; ඒවා කන සියල්ලෝම අපවිත්‍රවන්නෝය. මක්නිසාද ඔවුන්ගේ කෑම ඔවුන්ගේ බඩගින්න නිසා පමණක්ය; ඒවා ස්වාමීන්වහන්සේගේ ගෘහයට නොපැමිණෙන්නේය.
මාගේ දුකේදී එයින් කෑවේවත්, අපවිත්‍රකමේදී එයින් අහක්කළේවත්, මළ කෙනෙකු උදෙසා එයින් දුන්නේවත් නැත. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කන්දී, ඔබ මට අණකළ සියල්ල ලෙස කෙළෙමි.