යෙරෙමියා 16:4Sinhala Revised Old Versionඔව්හු බලවත් රෝගවලින් මැරෙන්නෝය; ඔවුන් ගැන කිසිවෙක් නොවැලපෙන්නේය, ඔව්හු වළලනු නොලැබ, භූමිය මතුපිට කසළ මෙන් වන්නෝය. ඔව්හු කඩුවෙන්ද සාගතයෙන්ද විනාශවී, ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේය. පරිච්ඡේදය බලන්න |
මිසර දේශයෙහි පොරොත්තුව සිටීමට එහි පැමිණෙන්ට තමුන්ගේ මුහුණ හරවාගත්තාවූ ඉතිරිව සිටින යූදාවරුන් අල්ලාගන්නෙමි, ඔවුන් සියල්ලෝ නාස්තිවන්නෝය; ඔවුන් සියල්ලෝම මිසර දේශයේදී නැතිවීයන්නෝය; ඔව්හු කඩුවෙන්ද සාගතයෙන්ද නාස්තිවන්නෝය; කුඩා අය පටන් ලොකු අය දක්වා ඔව්හු කඩුවෙන්ද සාගතයෙන්ද මැරෙන්නෝය. ඔව්හු ඇවීමක් හා විස්මයක්ද ශාප-වචනයක්ද නින්දාවක්ද වන්නෝය.