Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෙරෙමියා 16:16

Sinhala Revised Old Version

බලව, ඔවුන් අල්ලන පිණිස මම මසුන් අල්ලන්නන් බොහෝදෙනෙකු එවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ඉන්පසු සියලු කඳුවලද සියලු හෙල්වලද පර්වත විවරවලද ඔවුන් දඩයම්කරන පිණිස බොහෝ දඩයක්කාරයන් එවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

21 හුවමාරු යොමු  

ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බලවත් දඩයක්කාරයෙක් විය. එබැවින්: ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බලවත් දඩයක්කාරයෙක් වූ නිම්රොද් වාගේයයි කීමක් විය.

මනුෂ්‍යයෝ නමස්කාරකිරීමට සාදවාගත් තමුන්ගේ රිදී පිළිමද රන් පිළිමද මීයන්ටත් වවුලන්ටත් අත්හැර දමා යන්නෝය.

පාළු මිටියාවත්වලද පර්වත විවරවලද සියලු කටු ගස්වලද සෑම ගොදුරු බිම්වලද රඳන්නෝය.

මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.

සියලු නුවරවල වැසියෝ අසරුවන්ගේද දුනුවායින්ගේද ඝෝෂාවට පලාගොස් බැදිවලට ඇතුල්වෙති, පර්වතවලටද නගිති. සියලුම නුවරවල් කිසි මනුෂ්‍යයෙක් ඒවායේ වාසය නොකරන හැටියට අත්හරිනු ලබති.

බලව, නුඹ වටකර සිටින සියල්ලන්ගෙන් නුඹ පිටට භීතියක් පමුණුවන්නෙමියි මහෝත්තමවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; නුඹලා එකිනෙකා තම තමා ඉදිරිපිටින් පන්නනු ලබන්නහුය, පලායන අය පිළිගැනීමටද කිසිවෙක් නොවන්නේය.

සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉතුරු මිදිඵල දෙවනුව නෙළාගන්නාක්මෙන් ඉශ්‍රායෙල්වරුන්ගෙන් ඉතුරුවෙන අයට කරනු ලබන්නේය. මිදිඵල නෙලාගන්න කෙනෙකු මෙන් නුඹේ අත නැවත නැවත රිකිලිවලට පොවන්න.

අපේ වීථිවල අපට යන්ට බැරිවන ලෙස ඔව්හු අපේ අඩිපාරේ එළවති. අපේ අන්තිමය ආසන්නය, අපේ දවස් තීන්දුය; මක්නිසාද අපේ අන්තිමය පැමුණුණේය.

අප පස්සේ එළවාගන ආ තැනැත්තෝ අහසේ රාජාලීන්ට වඩා වේගවත්වූහ. ඔව්හු කඳුවල අප පස්සේ එළවාගන ආවෝය, අප අල්ලන්ට කාන්තාරයෙහි රැක සිටියෝය.

ඔවුන්ට අච්චුකරන්ට මාගේ කැමැත්තක් තිබේ; ඔවුන් තමුන්ගේ අපරාධ දෙකට බැඳී සිටින කල ජනයෝ ඔවුන්ට විරුද්ධව රැස්කරනු ලබන්නෝය.

ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ ශුද්ධකම ගැන මෙසේ දිවුරා තිබේ: නුඹලාව කොකුවලින්ද නුඹලාගෙන් පැවත එන්නන් බිලිකටුවලින්ද අහකට ගෙනයන දවස් නුඹලා පිටට පැමිණෙන්නේය.

එය සිංහයෙකු ඉදිරියෙන් මනුෂ්‍යයෙක් පලායද්දී වලසෙකුට අසුවෙන්නාක්මෙන්ය; නොහොත් ගෙට ඇතුල්වී තමාගේ අත භිත්තියේ තබන විට සර්පයෙක් ඔහුට දෂ්ටකරන්නාක්මෙන්ය.

භක්තිවන්තයා දේශයෙන් නැතිවී ගියේය, මනුෂ්‍යයන් අතරේ අවංක කෙනෙක් නැත. ඔවුන් සියල්ලෝම ලේ වගුරුවන පිණිස රැක සිටිති; එක එකා තම තමාගේ සහෝදරයා දැලකින් අසුකරගන්ට යති.

ඒ කාලයේදී මම පහන් දල්වා යෙරුසලම සෝදිසිකරන්නෙමි; තවද තමුන්ගේ මණ්ඩි පිට තදවී සිටින්නාවූ, ස්වාමීන්වහන්සේ යහපතවත් නපුරවත් කරන්නේ නැතැයි තමුන්ගේ සිත් තුළ සිතාගන්නාවූ මනුෂ්‍යයන්ට දඬුවම්කරන්නෙමි.

තවද මාගේ පියාණෙනි, බැලුව මැනවි, ඔබගේ සළුවේ කොන මාගේ අතේ තිබෙන බව බැලුව මැනවි. මා ඔබ නොමරා ඔබගේ සළුවේ කොන කපාගත් බව බලා, මා අත නපුරක්වත් අපරාධයක්වත් නැති බවද මා ඔබට විරුද්ධව පව් නොකළ බවද බලා දැනගතමැනවි, එහෙත් මාගේ ප්‍රාණය නසන්ට ඔබ මා පස්සේ එළවාගන එන්නෙහිය.

නුමුත් ස්වාමීන්වහන්සේගේ මුහුණ ඉදිරිපිටින් දුරුව මාගේ ලේ බිම නොවැටේවා. මක්නිසාද යමෙක් කඳුවල වටුවෙකු පස්සේ එළවාගන යන්නාක්මෙන් ඉශ්‍රායෙල් රජ්ජුරුවෝ බලු මැක්කෙක් සොයන්ට පිටතට ආවෝයයි කීවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්