Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෙරෙමියා 12:9

Sinhala Revised Old Version

මට මාගේ උරුමය මස් කන ලප ඇති පක්ෂියෙකු මෙන් වේද? ගිජු පක්ෂීහු ඈට විරුද්ධව අවටින් සිටිත්ද? ගොස් වනයේ සියලුම සතුන් රැස්කොට ගොදුරු පිණිස ගෙනෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

15 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ කල්දිවරුන්ගේ හමුදාවල්ද සිරියවරුන්ගේ හමුදාවල්ද මෝවබ්වරුන්ගේ හමුදාවල්ද අම්මොන් පුත්‍රයන්ගේ හමුදාවල්ද ඔහුට විරුද්ධව එවූ සේක, තමන්ගේ මෙහෙකරුවූ ප්‍රොපේතවරුන් ලවා ස්වාමීන්වහන්සේ කියෙවු වචනයේ හැටියට යූදා නැතිකරන පිණිස ඊට විරුද්ධව උන්වහන්සේ ඔවුන් එවූසේක.

මනුෂ්‍යයාගේ උඩඟු ඇස් පහත්කරනු ලබන්නේය, මනුෂ්‍යයන්ගේ උඩඟුකමද යටත්කරනු ලබන්නේය, ඒ දවසේ ස්වාමීන්වහන්සේ පමණක් උසස්කරනු ලබන්නේය.

මක්නිසාද උඩඟුවූ අහංකාරවූ සියල්ලට විරුද්ධවද උසස්ව තිබෙන සියල්ලට විරුද්ධවද

වනයේ සියලු සත්වයෙනි, කැලෑවෙහි සියලු සත්වයෙනි, කාදමන්ට එන්න.

මම සතර වර්ගයක්, එනම් මරා දමන්ට කඩුවද ඉරන්ට බල්ලන්ද කාදමා නැතිකරන්ට අහසේ පක්ෂීන් හා පොළොවේ මෘගයන්ද, ඔවුන් කෙරෙහි නියමකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

තරුණ සිංහයෝ ඔහුට විරුද්ධව ගොරවා, තමුන්ගේ හඬ පවත්වා ඔහුගේ දේශය පාළුවක් කළෝය; ඔහුගේ නුවරවල වැසියෙක් නොවසන ලෙස ඒවා දාලාගියේය.

ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් පාවාදෙන්නෙමි. ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේය.

මේ සෙනඟගේ මළකඳන්ද ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරුවන්නේය; කිසිවෙක්ද උන් භය නොගන්වන්නේය.

සියොන් ඇගේ අත් විදහාගන ඉඳියි; ඈ සනසන්ට කෙනෙක් නැත; යාකොබ් අවට සිටින්නන් ඔහුගේ සතුරන් වන ලෙස ස්වාමීන්වහන්සේඅණකර තිබේ. යෙරුසලම ඔවුන් අතරෙහි කිලුටක්වී තිබේ.

එඬේරෙක් නැතුව උන් විසිර ගොස් වනයේ සියලු සත්වයන්ට ගොදුරු වූවෝය, උන් විසිරගියෝය.

නුඹ දුටු අං දසයද මෘගයාද වේශ්‍යාවට වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්