ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ජාතීන්ගේ මාර්ගය ඉගෙන නොගන්න, අහසේ ලකුණුවලට ජාතීන් කැලඹෙන නුමුත් නුඹලා ඒවාට නොකැලඹෙන්න;
දෙවියන්වහන්සේ: රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට අහස්තලයෙහි ආලෝකයෝ වෙත්වා, ඒවා ලකුණු පිණිසද සෘතු පිණිසද දවස් පිණිසද අවුරුදු පිණිසද වෙත්වා,
එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමීන්වහන්සේ නුඹලාට කියන වචනය අසන්න.
නුඹලාගේ සිත්වල හටගන්න දේ එනම්: අපි ජාතීන් වන දේශවල වංශ මෙන් ලීවලටත් ගල්වලටත් සේවය කරන්නෙමුයයි නුඹලා කියන එක සිද්ධ වෙන්නේම නැත.
නුඹලා විසූ මිසර දේශයේ ක්‍රියා ලෙස නොකරන්න. මා විසින් නුඹලා පමුණුවනු ලබන කානාන් දේශයේ ක්‍රියා ලෙස නොකරන්න. ඔවුන්ගේ පනත් ලෙස නොහැසිරෙන්න.
නුඹලා ඉදිරියෙන් මා විසින් පහකරනු ලබන සෙනඟගේ සිරිත් ප්‍රකාරයට නොහැසිරෙන්න. මක්නිසාද ඔවුන් මේ සියලු දේවල් කළ නිසා මම ඔවුන් පිළිකුල්කෙළෙමි.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයට නුඹ පැමිණි කල්හි ඒ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියාවල හැටියට කරන්ට ඉගෙන නොගන්න.
මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය කියාද නුඹලා වාසයකරන දේශයේ සිටි අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට භයනොවන්න කියාද නුඹලාට කීයෙමි. එහෙත් නුඹලා මාගේ හඬට ඇහුම්කන් දුන්නේ නැතැයි කියනසේකැයි කීවේය.