මහත් ජල ඝෝෂාවන්ටත් මුහුදේ බලවත් රැළවලටත් වඩා උසස්ථානයෙහි ස්වාමීන්වහන්සේ බලවත්ය.
මෙතැන් දක්වා එන්නෙහිය, මින් එහා නොයන්නෙහිය; නුඹේ උඩඟු රැළ පතර මෙහි නවතින්නේයයි කීවෙමි.
ස්වාමීන්ගේ ශබ්දය බලවත්ය; ස්වාමීන්ගේ ශබ්දය මහිමයෙන් පූර්ණය.
උන්වහන්සේ මුහුදු ඝෝෂාවද එහි රැළ ඝෝෂාවද මනුෂ්‍ය වර්ගයන්ගේ කෝලාහලයද සංසිඳුවනසේක.
මක්නිසාද ආකාශයෙහි කවරෙක් ස්වාමීන්ට සමානකළ හැකිද? බලවතුන්ගේ පුත්‍රයන්ගෙන් කවරෙක් ස්වාමීන්ට සමාන වන්නේද?
ඔබ මුහුදේ උඩඟුකම දමනයකරනසේක. එහි රැළ නගින කල ඒවා නිශ්චල කරනසේක.
නුමුත් ස්වාමිනි, ඔබ සදාකල්ම උසස්ථානයෙහි වැඩසිටිනසේක.
මට නුඹලා භයවන්නේ නැද්ද? මා ඉදිරියෙහි වෙවුලන්නේ නැද්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම වනාහි සදාකාල නියෝගයක් කොට මුහුදේ මායිම් පිණිස වැලි තැබුවාවූ තැනන්වහන්සේය, ඒකද එය පසුකර නොඑන්නේය. එහි රැළ ගසන නුමුත් එය ඉක්මවා යන්ට පුළුවන්වෙන්නේ නැත; ඒවා ඝෝෂාකරන නුමුත් එය පසුකර යන්ට නොහැකිය.