තත් දසයේ වීණාවෙන්ද කුඩා වීණාවෙන්ද මහා වීණාවේ ගරුවූ ශබ්දයෙන්ද
තවද දාවිත්ද සේනාවේ අධිපතියෝද ආසාප්ගෙත් හේමාන්ගෙත් යෙදූතුන්ගෙත් පුත්‍රයන්ගෙන් වීණා හා කුඩා වීණාවලින්ද අත්තල්වලින්ද ගායනාකරන තැනැත්තන් සේවයට වෙන්කළෝය. තමුන්ගේ සේවයේ වැඩය කළාවූ ඒ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය:
එහෙත්: පොළොවේ මෘගයන්ට වඩා අපට උගන්වන්නාවූ, ආකාශයේ පක්ෂීන්ට වඩා අප ප්‍රඥාවන්ත කරන්නාවූ,
කරුණාවද යුක්තියද ගැන ගී කියන්නෙමි. ස්වාමිනි, ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි.
සෑමදාම ඔබට ප්‍රශංසාකරන්නෙමි; සදාකාලේටම ඔබගේ නාමය වර්ණනා කරන්නෙමි.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්; මක්නිසාද අපේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කීම යහපත්ය. එයින් ප්‍රීතිය උපදනේය, ප්‍රශංසාකිරීම හොබනේය.
එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ කරුණාගුණය දිවාභාගයේදී නියමකරනසේක, රාත්‍රිභාගයේදීත් උන්වහන්සේට ගීතිකාවක්, එනම් මාගේ ජීවනයේ දෙවියන්වහන්සේට යාච්ඤාවක්, මා සමඟ වන්නේය.
මාගේ මුඛය දවස මුළුල්ලේ ඔබගේ ධර්මිෂ්ඨකම හා ඔබගේ ගැළවීම ප්‍රකාශකරන්නේය; මක්නිසාද එහි ගණන නොදනිමි.
දුක් ඇති දවසේදී ස්වාමීන් සෙවීමි. රාත්‍රියේදී මාගේ අත නොනැවතී දිගුකර තිබුණේය; මාගේ ආත්මය සැනසෙන්ට අකැමැතිවිය.
මාගේ සතුරන් ආපසු හැරෙන කල, ඔව්හු ඔබ ඉදිරියෙහි පැකිල විනාශවෙති.
මම ස්වාමීන්වහන්සේගේ කරුණාවල්ද, ස්වාමීන්වහන්සේ අපට ගෙන දුන් සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ප්‍රශංසාවල්ද, උන්වහන්සේගේ අනුකම්පාවල හැටියටත් උන්වහන්සේගේ කරුණා රාශියේ හැටියටත් ඉශ්‍රායෙල් වංශයට පැවැත්වූ මහත් යහපත්කමද සඳහන්කරන්නෙමි.
මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙනලද්දේය; අනුග්‍රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය.
නුමුත් මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය, හිරකාරයෝද ඔවුන්ට ඇහුම්කන්දීගන සිටියෝය;