මක්නිසාද අපේ සියලු දවස් ඔබගේ උදහසින් ගෙවීයයි. අපේ අවුරුදු කථාවක් මෙන් කෙළවරකරමුව.
ඔව්හු හුළඟ ඉදිරියෙහි බොල් මෙන් වෙත්වා, ස්වාමීන්ගේ දූතයා ඔවුන් එළවා යේවා.
ස්වාමිනි, මාගේ යාච්ඤාව අසා, මාගේ මොරගැසීමට කන්දුන මැනව; මාගේ කඳුළු දැක නිශ්ශබ්ද නූව මැනව. මක්නිසාද මම ඔබ ඉදිරියෙහි විදේශියෙක්ද මාගේ පියවරුන් මෙන් මාර්ගිකයෙක්ද වෙමි.
බැලුව මැනව, ඔබ මාගේ දවස් වියතක් මෙන් කළසේක; මාගේ වයස ඔබ ඉදිරියෙහි කිසිත් නැතුවාක්මෙනි. සැබවින් කොයි මනුෂ්‍යයාත් ස්වකීය උත්තම අවස්ථාවෙහි පවා සහමුලින්ම නිෂ්ඵලකමය.
එබැවින් උන්වහන්සේ ඔවුන්ගේ දවස් නිෂ්ඵලකමෙන්ද ඔවුන්ගේ අවුරුදු භීතියෙන්ද ගෙවෙන්ට සැලැස්වූසේක.
මක්නිසාද ඔබ ඉදිරියෙහි අවුරුදු දහසක් පසුවූ ඊයේ දවසටත් රෑ යාමයකටත් සමානය.