සතුරෝ කෙළවරකට පැමිණියෝය, ඔව්හුද ඔබ විසින් පෙරළාදැමූ නුවරවල්ද සදාකාලයටම නාස්තිවූය; ඒවා ගැන සිහිවීම පවා නැතිවිය.
මම බොහෝ කාලයක සිට ඒක අභිප්‍රායකර, පුරාණයේ දවස්වල පටන් ඒක නියම කළ බව නුඹ ඇසුවේ නැද්ද? දැන් නුඹ පවුරු ඇති නුවරවල් නාස්තිකොට ජරාවාස ගොඩවල් කරන හැටියට ඒක ඉෂ්ට කෙළෙමි.
ඔහු ගැන සිහිවීම පොළොවෙන් නැතිවීයන්නේය, අසල් ගම්වල ඔහුගේ නම නොකියවෙන්නේය.
නපුරුකම් කරන්නන් ගැන සිහිවීම පොළොවෙන් සිඳ දමන පිණිස ස්වාමීන්ගේ මුහුණ ඔවුන්ට විරුද්ධවේ.
ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය, ස්වාමීන්වහන්සේ අසා ඔවුන්ගේ සියලු දුක්වලින් ඔවුන් ගැළවූසේක.
උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක; දුන්න බිඳ, හෙල්ලය කපාදමා, රථ ගින්නෙන් දවනසේක.
සතුරා මාගේ ආත්මය ලුහුබැඳ අල්වා අසුකර ගනීවා; එසේය, ඔහු මාගේ ප්‍රාණය බිමදමා, පාගා, මාගේ ගෞරවය ධූලියෙහි හෙළාවා.
සතුරාද පළිගන්නාද නිශ්ශබ්දකරන පිණිස, ඔබගේ එදිරිකාරයන් නිසා, ඔබ බාලයන්ගේද කිරිබොන බිළිඳුන්ගේද මුඛයෙන් බලය පිහිටෙවුසේක.
මෝසෙස්ද: භයනොවන්න, නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ අද නුඹලාට සිදුකර දෙන ගැළවීම බලන්න. මක්නිසාද නුඹලා අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදක්නහුය.
භීතිය හා භයංකරය ඔවුන් පිට වැටෙයි; ස්වාමිනි, ඔබගේ සෙනඟ එතරව යන තෙක්ද ඔබ මිලේට ගත් සෙනඟ එතරව යන තෙක්ද ඔබගේ බාහු බලය නිසා ඔව්හු ගලක් මෙන් නිශ්චලව සිටිති.
ලෝකය කාන්තාරයක් මෙන් කළාවූ, එහි නුවරවල් නාස්තිකළාවූ, තමාගේ හිරකාරයන් ගෙදරට යන්ට නෑරියාවූ මනුෂ්‍යයා මොහුදැයි කියන්නෝය.
මළාවූ ඔව්හු ජීවත්නොවන්නෝය; නැසීගියාවූ ඔව්හු නොනැගිටින්නෝය. එසේය, ඔබ ඔවුන් විමසා බලා ඔවුන් විනාශකොට, ඔවුන් ගැන මුළු සිහිවීම නැති කළසේක.
මම බොහෝ කාලයක සිට එය අභිප්‍රායකර පුරාණයේ දවස්වල පටන් එය නියමකළ බව නුඹ ඇසුවේ නැද්ද? දැන් නුඹ පවුරු ඇති නුවරවල් නාස්තිකොට ජරාවාස ගොඩවල් කරන හැටියට ඒක ඉෂ්ටකෙළෙමි.
එම්බා මුළු පොළොව නාස්තිකරන්නාවූ නාස්තිකාර කන්ද, මම නුඹට විරුද්ධයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට, පර්වතවලින් නුඹ පෙරළා දමා, දාලාගිය කන්දක් කරන්නෙමි.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොතැනදැයි මට කී මාගේ සැතිරීත් ඒ දැක ලජ්ජාවෙන් වැසීයනවා ඇත; මාගේ ඇස් ඇගේ දඬුවම දකිනවා ඇත; දැන් ඈ වීථිවල මඩ මෙන් පාගාදමනු ලබන්නීය.
එම්බා මාගේ සැතිරිය, මට විරුද්ධව ප්‍රීති නොවන්න. මම වැටුණු විට නැගිටින්නෙමි. මා අඳුරෙහි හිඳින කල ස්වාමීන්වහන්සේ මට එළියක්ව සිටිනසේක.
නැතිකරනු ලබන්නාවූ අන්තිම සතුරා නම් මරණයය.
ඔහු යක්ෂයාද සාතන්දවූ පුරාණ සර්පයා වන ඒ මහා සර්පයා අල්ලා අවුරුදු දහසකට බැන්දේය,
තවද දාවිත් හා ඔහුගේ මිනිස්සු තුන්වෙනිදා ශික්ලග්ට පැමුණුණෝය, ඊට ප්‍රථම අමලෙක්වරු දකුණු දිශාවටත් ශික්ලග්ටත් විරුද්ධව ඇවිත්, ශික්ලග්ට පහරදී, ඒක ගින්නෙන් පුලුස්සා දමා,
ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් පලා ගිය බවත් සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද මැරුණ බවත් මිටියාවතට මෙහායින්ද යොර්දානෙන් මෙගොඩද සිටි ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දැක නුවරවල් අත්හැර පලාගියෝය; පිලිස්තිවරු ඇවිත් එහි වාසයකළෝය.