මක්නිසාද මාගේ ආත්මය දුකින් පිරී තිබේ, මාගේ ප්‍රාණය ෂෙයෝලට ළංවේ.
එසේය, ඔහුගේ ප්‍රාණය මිනීවළටත් ඔහුගේ ජීවිතය විනාශකාරයන්ටත් ළංවන්නේය.
ඔවුන්ට සියලු ආකාර කෑම අප්‍රියවේ; ඔව්හු මරණ ද්වාරවලට ළංවෙති.
ඔව්හු අහසට නගිති, ගැඹුරට බසිති. ඒ විපතින් ඔවුන්ගේ ප්‍රාණය දියවෙයි.
ස්වාමිනි, යුක්තිය ඇසුව මැනව, මාගේ හඬගැසීම සැලකුව මැනව; වංකවූ තොල්වලින් නොනික්මෙන මාගේ යාච්ඤාවට කන්දුන මැනව.
දුක් ඇති දවසේදී ස්වාමීන් සෙවීමි. රාත්‍රියේදී මාගේ අත නොනැවතී දිගුකර තිබුණේය; මාගේ ආත්මය සැනසෙන්ට අකැමැතිවිය.
උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකොට එපාකරනු ලැබූසේක; වේදනා ඇත්තාවූ දුක දන්නාවූ මනුෂ්‍යයෙක්ය. මනුෂ්‍යයන් විසින් තමුන්ගේ මුහුණ සඟවාගන්න කෙනෙකු මෙන්, උන්වහන්සේ සුළුකරනු ලැබූසේක, අපිද උන්වහන්සේ නොසැලකුවෙමුව.