ස්වාමිනි, ඔබගේ නාමය සොයන පිණිස ඔවුන්ගේ මුහුණු වියවුලෙන් පිරෙවුව මැනව.
මා දුෂ්ටයෙක්නම් මට දුක්වේ; මා ධර්මිෂ්ඨවුවත්, ලජ්ජාවෙන් පිරී, මාගේ පීඩාව දෙස බලමින්, මාගේ හිස නොඔසවා ඉන්නෙමි.
භයානකකම් ජලයන් මෙන් ඔහු පිටට පැමිණෙන්නේය; රාත්‍රියේදී කුණාටුවක් ඔහු පැහැරගෙන යන්නේය.
මාගේ එදිරිකාරයෝ අගෞරවයෙන් පළඳනු ලබත්වා, උතුරු සළුවකින් මෙන් තමුන්ගේ ලජ්ජාවෙන් තමුන්ම වසාගනිත්වා.
ඔහුගේ සතුරන් ලජ්ජාවස්ත්‍රයෙන් පළඳවන්නෙමි. නුමුත් ඔහු මත්තේ ඔහුගේ ඔටුන්න ශෝභමාන වන්නේය.
ඔව්හු උන්වහන්සේ දෙස බලා එළිය ලැබුවෝය. ඔවුන්ගේ මුහුණු කිසි කලකත් ලජ්ජා නොවන්නේය.
මාගේ සියලු සතුරෝ ලජ්ජාවට පැමිණ බොහෝසෙයින්ම කැලඹෙන්නාහුය. ඔව්හු පසුබටව හදිසියෙන් ලජ්ජාවට පැමිණෙන්නාහුය.