Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගීතාවලිය 83:11

Sinhala Revised Old Version

ඔවුන්ගේ උත්තමයන් ඔරෙබ් සහ ශීබ් මෙන්ද ඔවුන්ගේ අධිපතීන් සියල්ලන් සෙබා සහ ශල්මුන්නා මෙන්ද කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

4 හුවමාරු යොමු  

මේ යෙසෙබෙල්යයි කියන්ට බැරිවන ලෙස යෙසෙබෙල්ගේ මළකඳ යෙස්‍රෙයෙල් බිම් කොටසෙහි පොළොව මතුපිට කසළ මෙන් වන්නේය කියා කීසේකැයි කීවේය.

ඔවුන් ප්‍රේමකළාවූ, සේවයකළාවූ, අනුව ගියාවූ, පේන අසාගත්තාවූ, නමස්කාරකළාවූ ඉරත් සඳත් මුළු අහස් සේනාවත් ඉදිරියෙහි ඒවා අතුරා තබන්නෝය. ඒවා එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, භූමිය මතුපිට කසළ වන්නේය.

ඔව්හු මිදියන්ගේ අධිපතීන් දෙදෙනා වන ඔරෙබ්ද ශීබ්ද අල්ලාගෙන ඔරෙබ් පර්වතය ළඟදී ඔරෙබ් මරා, ශීබ්හි මිදි යන්ත්‍රය ළඟදී ශීබ්ද මරා, මිදියන්වරුන් පස්සේ එළවාගන ගියෝය. තවද ඔරෙබ්ගේද ශීබ්ගේද හිස් යොර්දානෙන් එගොඩ ගිඩියොන් වෙතට ගෙනාවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්