Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගීතාවලිය 80:11

Sinhala Revised Old Version

ඒකේ අතු මුහුද දක්වාත් ඒකේ රිකිළි ප්‍රාත් ගංගාව දක්වාත් විහිද ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් කරමින්: මිසරයේ ගංගාව පටන් මහත් ගංගාව, එනම්, ප්‍රාත් ගංගාව දක්වා තිබෙන්නාවූ

සාලමොන් වනාහි ප්‍රාත් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔව්හු කප්පන් ගෙනැත්දී සාලමොන්ගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට සේවයකළෝය.

මක්නිසාද ඔහු තිප්සා පටන් ගාශා දක්වාම ගංගාවෙන් මෙගොඩ තිබෙන මුළු දේශයද ගංගාවෙන් මෙගොඩ සියලු රජුන්ද කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔහු අවට සෑම දිශාවලද ඔහුට සමාදානය තිබුණේය.

තවද ශෝබාහි රජවූ හදර්එසෙර් ප්‍රාත් ගඟ ළඟ තමාගේ බලය පිහිටුවන්ට යද්දී, දාවිත් හමාත් දක්වා ඔහුට පහරදී,

උන්වහන්සේ මුහුදෙන් මුහුදටත් ප්‍රාත් ගංගාව පටන් පොළොවේ කෙළවර දක්වාත් අධිපතිකම් කරන්නේය.

මම නුඹේ සීමාව රතු මුහුද පටන් පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද වනාන්තරය පටන් ගංගාව දක්වාද තබන්නෙමි. මක්නිසාද නුඹ විසින් දේශයේ වැසියන් නුඹ ඉදිරියෙන් පන්නාදමන පිණිස ඔවුන් නුඹේ අතට පාවාදෙන්නෙමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්