මක්නිසාද ඔව්හු යාකොබ් නාස්ති කොට ඔහුගේ වාසස්ථාන පාළුකළෝය.
මෙසේ වුණේ දේශය ඒකේ සබත් කාලවල් භුක්තිවිඳිනතුරු යෙරෙමියාගේ මුඛයෙන් කියවනලද ස්වාමීන්වහන්සේගේ වචනය සම්පූර්ණවෙන පිණිසය. සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවෙනතුරු, දේශය පාළුව තිබුණු කාලය මුළුල්ලෙහි එය සබත් විවේකය ගත්තේය.
වල් ඌරා එය විනාශකරයි, කෙත්හි වල් සත්තු එය කති.
ස්වාමීන්වහන්ස, ඉතා උදහස්නූව මැනව, අයුතුකම් සෑම කල්ම සිහිනොකළ මැනව. අනේ බැලුව මැනව, අපි සියල්ලෝම ඔබගේ සෙනඟය.
සිරියවරු ඉස්සරින්ද පිලිස්තිවරු පස්සෙන්ද ඇවිත් මුඛය හැර ඉශ්‍රායෙල් කාදමන්නෝය. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.
ඔවුන්ට සම්බවුණු සියල්ලෝම ඔවුන් ගොදුරට ගත්තෝය. ඔවුන්ගේ එදිරිකාරයෝ කථාකොට: ඔවුන් ස්වාමීන්වහන්සේ වන ධර්මිෂ්ඨකමේ වාස භූමියවූ තමුන්ගේ පියවරුන්ගේ බලාපොරොත්තුවවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළ නිසා, අපි වැරදිකාරයෝ නොවෙමුයයි කීවෝය.
නොසැලකිලි ජාතීන් කෙරෙහි මහත් අප්‍රසන්නකමකින් අප්‍රසන්නව සිටිමි. මක්නිසාද මා ස්වල්ප වශයෙන් අප්‍රසන්නව සිටි විට ඔව්හු පීඩාව වැඩිකළෝය.