Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගීතාවලිය 78:21

Sinhala Revised Old Version

එබැවින් ස්වාමීන්වහන්සේ අසා උදහස්වූසේක. යාකොබ්ට විරුද්ධව ගින්නක් ඇවුළුණේය, ඉශ්‍රායෙල්ට විරුද්ධව කෝපයද නැංගේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධව හටගෙන, ඔවුන්ගෙන් ඉතා පුෂ්ටිමත්වූවන් නසා, ඉශ්‍රායෙල්ගේ තරුණයන්ට පහරදුන්සේක.

නුමුත් ඔව්හු කැරළිගසා, උන්වහන්සේගේ ශුද්ධාත්මයට දුක් ඉපදෙවූවෝය. ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට සතුරෙක් වී, උන්වහන්සේම ඔවුන්ට විරුද්ධව යුද්ධකළසේක.

සෙනඟ පවුල් වශයෙන් තම තමුන්ගේ කූඩාරම් දොරකඩවල සිට අඬනවා මෝසෙස්ට ඇසුණේය. ස්වාමීන්වහන්සේගේ උදහසද බොහෝසෙයින් ඇවුළුණේය; මෝසෙස් අප්‍රසන්නවිය.

ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය.

එසේවී නුමුත් ඔවුන්ගෙන් වැඩිදෙනාට දෙවියන්වහන්සේ ප්‍රසන්න නොවූසේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි හෙළාදමනු ලැබුවෝය.

මක්නිසාද මාගේ උදහසින් ගින්නක් ඇවිළී, ගැඹුරු පාතාලය දක්වාම දැවී යන්නේය, එයින් පොළොවද ඒකේ අස්වැන්නද විනාශ වන්නේය, කඳුවල අත්තිවාරම්ද දැවී යන්නේය.

මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ විනාශකරන ගින්නක්ය.

ඉඳින් ස්වාමීන්වහන්සේ මිසරදේශයෙන් සෙනඟක් ගළවා, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශකළසේක යන මේ සියල්ල එක වරක්ම නුඹලා දැනගන සිටින නුමුත්, මම නුඹලාට එය සිහිකරවන්ට කැමැත්තෙමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්