එම්බා මාගේ සෙනඟ, මාගේ ව්‍යවස්ථාවට කන්දෙව්. මාගේ මුඛයේ වචනවලට කන් යොමු කරව්.
දෙවියන්වහන්සේ, ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකරමින් නැගෙනහිර පටන් බස්නාහිර දක්වා පෘථිවියට හඬගැසූසේක.
එම්බා, මාගේ සෙනඟෙනි, අසව්, මම කථාකරන්නෙමි; එම්බා, ඉශ්‍රායෙල්, නුඹට විරුද්ධව සාක්ෂි දෙන්නෙමි. මම දෙවියන්වහන්සේය, එසේය, නුඹේ දෙවියන්වහන්සේය.
ඔබට විරුද්ධව, ඔබට පමණක්ම විරුද්ධව, පව්කෙළෙමි, ඔබගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කෙළෙමි. එබැවින් ඔබ කථාකරන කල සාධාරණසේක, විනිශ්චයකරන කල ඔබ ශුද්ධසේක.
දෙවියන්වහන්ස, ඔබ සදාකාලයටම අප පහකළේ කුමටද? ඔබගේ ගොදුරු බිමේ බැටළුවන්ට විරුද්ධව ඔබගේ උදහසේ දුම නගින්නේ මක්නිසාද?
නුඹේ කන නමා ප්‍රඥාවන්තයන්ගේ බස් අසා, නුඹේ සිත මාගේ ඉගැන්වීමට යොමුකරන්න.
මාගේ සෙනඟෙනි, මට ඇහුම්කන්දෙන්න; මාගේ ජනයෙනි, මට කන්යොමුකරන්න. මක්නිසාද ව්‍යවස්ථාවක් මා වෙතින් නිකුත්වන්නේය, මාගේ විනිශ්චයද ජාතීන්ට එළියක් කොට පිහිටුවන්නෙමි.
නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමඟ කරන්නෙමි.
ඇසීමට කන් ඇත්තේ අසාවයි කීසේක.
රජදරුවෙනි, අසන්න; අධිපතියෙනි, කන්දෙන්න; මම, එසේය, මම, ස්වාමීන්වහන්සේට ගී කියන්නෙමි; ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.