Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගීතාවලිය 76:5

Sinhala Revised Old Version

සවි සිත් ඇත්තෝ කොල්ලකනු ලැබුවෝය, තමුන්ගේ නින්දට පැමිණියෝය; බලවත්වූ කිසිවෙකුගේ අතෙහි ශක්තිය නොවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

මාගේ දෙවිවූ ස්වාමිනි, මා සලකා මට උත්තරදුන මැනව. මරණ නින්දට මා නොපැමිණෙන පිණිස මාගේ ඇස් එළියකළ මැනව.

එකල අෂූරියයා මනුෂ්‍යයාගේ නොවන කඩුවකින් වැටෙන්නේය; මනුෂ්‍යයන්ගේ නොවන කඩුවකින් ඔහු විනාශවන්නේය. ඔහු කඩුව ඉදිරියෙන් පලායන්නේය, ඔහුගේ තරුණයෝ රාජකාරියට යටත්වන්නෝය.

ඒ රාත්‍රියේදී ස්වාමීන්වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහරදුන්නේය. මිනිසුන් අලුයම නැගුටුණු විට, බලව, ඒ සියල්ලෝ මළකඳන් වූය.

ධර්මිෂ්ඨකමින් ඈත්ව සිටින දැඩි සිත් ඇත්තෙනි, මාගේ වචන අසන්න.

ඔවුන් රත්ව සිටින කල මම ඔවුන්ට මංගල්‍යය පිළියෙළකරදී, ඔවුන් ප්‍රීතිමත්ව, නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන පිණිස, ඔවුන් මත්කරවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

දැන් නෙබුකද්නෙශර් වන මම ස්වර්ගයේ රජ්ජුරුවන්වහන්සේට වර්ණනාද ප්‍රශංසාද ගෞරවද කරමි; මක්නිසාද උන්වහන්සේගේ සියලුම ක්‍රියාවල් සැබෑය, උන්වහන්සේගේ මාර්ගද ධර්මිෂ්ඨය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත්කරන්ට උන්වහන්සේට පුළුවන යනුය.

අෂූර් රජ්ජුරුවෙනි, නුඹේ එඬේරු නිදාහිඳිති. නුඹේ උත්තමයෝ සැතපෙති. නුඹේ සෙනඟ කඳුවල විසිරීගියෝය, ඔවුන් එකතුකරන්ට කිසිවෙක්ද නැත.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්