ඔහෝ! ඔහෝ! කියන්නෝ තමුන්ට වූ ලජ්ජාව නිසා පසුබසිත්වා;
එසේය, ඔව්හු මට විරුද්ධව කට අයා: ඔහෝ, ඔහෝ, අපේ ඇසින් දුටිමුයයි කීවෝය.
ඔහෝ, අපේ කැමැත්ත සිදුවීයයි ඔව්හු සිතින් නොකියත්වා. අපි ඔහු ගිලගතිමුයයි නොකියත්වා.
මට: ඔහෝ, ඔහෝ කියන්නෝ තමුන්ට වූ ලජ්ජාව නිසා අසරණ වෙත්වා.
මාගේ ප්‍රාණයට විරුද්ධව සිටින්නෝ ලජ්ජාවටත් විනාශයටත් පැමිණෙත්වා; මට අන්තරායකරන්ට සොයන්නෝ නින්දාවෙනුත් අගෞරවයෙනුත් වැසීයෙත්වා.
මාගේ දිවද දවස මුළුල්ලේම ඔබගේ ධර්මිෂ්ඨකම ගැන කථාකරන්නේය. මක්නිසාද මට අන්තරායකරන්ට සොයන්නෝ ලජ්ජාවටත් වියවුල් භාවයටත් පැමුණුණෝය.
ස්වාමිවූ දෙවියන්වහන්සේගේ වචනය අසන්න; ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ ශුද්ධස්ථානය කෙලහුණු නිසා ඊට විරුද්ධවද ඉශ්‍රායෙල් රට පාළුවී තිබෙන නිසා ඊට විරුද්ධවද යූදා වංශය වහල්කමට ගිය නිසා ඔවුන්ට විරුද්ධවද නුඹ ඔහෝයයි කී බැවින්,
මනුෂ්‍ය පුත්‍රය, තීර් යෙරුසලමට විරුද්ධව කථාකොට–ඔහෝ, ජනයන්ගේ දොරටුව වන ඈ කඩා දමනු ලැබුවාය. එය මා දෙසට ඇරී තිබෙයි. ඈ පාළුකරනු ලැබ සිටින නිසා මට පූර්ණකම ඇතිවන්නේයයි කී බැවින්,
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–සතුරා නුඹලා ගැන කථාකොට: ඔහෝ, පුරාණ උසස්ථාන අපට උරුමයක් වී තිබේයයි කියන බැවින්,
(මේ මනුෂ්‍යයා තමාගේ අයුතුකමේ කුලියෙන් බිමක් මිලේට ගෙන, මුහුණින් වැටී, මැදින් පැළුණේය, ඔහුගේ බඩවැල් සියල්ලම පිටත වීසිවුණේය.