මක්නිසාද දෙවියන්වහන්සේ සියොන් ගළවනසේක, යූදාගේ නුවරවල් ගොඩනගනසේක; ඔව්හු එහි වෙසෙමින් එය භුක්ති විඳින්නෝය.
මුහුදත් එහි සම්පූර්ණකමත් ගර්ජනා කෙරෙත්වා; කෙත් සහ එහි ඇති සියල්ල ප්‍රීතිමත් වෙත්වා.
ඔබ නැගිට සියොන්ට කරුණාකරනසේක. ඊට අනුකම්පාකළ යුතු කාලය දැන්ය, එසේය, නියම කාලය පැමිණ තිබේ.
මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් ගොඩනැගූසේක, ස්වකීය මහිමයෙන් ප්‍රකාශවූසේක;
ස්වාමිනි, ඔබගේ සියලු කර්මාන්තයෝ ඔබට ස්තුතිකරන්නෝය; ඔබගේ ශුද්ධවන්තයෝද ඔබට ප්‍රශංසාකරන්නෝය.
මාගේ මුඛය ස්වාමීන්ගේ ප්‍රශංසාව කියන්නේය, මාංසමයවූ සියල්ලෝද සදාකාලේටම උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසාකෙරෙත්වා.
ස්වර්ගවල ස්වර්ගයෙනි, අහසට උඩින් තිබෙන ජලයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
ඔබගේ ප්‍රසන්නයෙන් සියොනට යහපත සිදුකළ මැනව; යෙරුසලමේ පවුරු ගොඩනැගුව මැනව.
එවිට ජාතියේ තානාපතියන්ට දිය යුතු උත්තරය කිමෙක්ද? ස්වාමීන්වහන්සේ සියොන් පිහිටුවා තිබේ, උන්වහන්සේගේ සෙනඟ අතරෙන් පීඩිත අය එහි ආරක්ෂාව ලබන්නෝය කියාය.
ස්වර්ගයෙනි, ගී කියන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කළසේක; පොළොවේ පහත් තැන් ඝෝෂාකරන්න; කඳුද වනයද එහි සියලු ගස්ද යන නුඹලා ප්‍රීතියෙන් ශබ්ද නගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ් මිදූසේක, ඉශ්‍රායෙල් කරණකොටගෙන ගෞරව ලබාගන්නසේක.
මම වනාහි තමන් මෙහෙකරුවාගේ වචනය ස්ථිරකරන්නාවූ, තමන් පණිවිඩකාරයන්ගේ මන්ත්‍රණය ඉෂ්ටකරන්නාවූ, වැසියෝ එහි සිටින්නෝය කියා යෙරුසලම ගැනද, ගොඩනගනු ලැබේය කියා යූදාහි නුවරවල් ගැනද: එහි පාළු ඉඩම් උස්සන්නෙමියි කියාද කියන්නාවූ තැනන්වහන්සේය.
මාගේ ධර්මිෂ්ඨකම ළංකරන්නෙමි, ඒක ඈත්ව නොතිබෙන්නේය, මාගේ ගැළවීමද ප්‍රමාද නොවන්නේය; මාගේ ගෞරවයවූ ඉශ්‍රායෙල්ට සියොන්හි ගැළවීම දෙන්නෙමි.
නුමුත් සියොන් කන්දෙහි සමහරෙක් මිදී සිටිනවා ඇත, එයද ශුද්ධව තිබෙන්නේය; යාකොබ්ගේ වංශය තමුන්ගේ උරුමවල් උරුමකරගන්නවා ඇත.
තවද බැටළුපැටවාණන්ද උන්වහන්සේ සමඟ එක්ලක්ෂක් සතළිස් සාරදහස් දෙනෙක්ද සියොන් කන්දේ සිටිනවා දුටිමි, උන්වහන්සේගේ නාමයද උන්වහන්සේගේ පියාණන්ගේ නාමයද ඔවුන්ගේ නළල්වල ලියා තිබුණේය.