Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගීතාවලිය 69:2

Sinhala Revised Old Version

සිටින්ට තැනක් නැති ගැඹුරු මඩෙහි කිඳී සිටිමි. ගැඹුරු ජලයට පැමිණ සිටිමි, ජල ධාරාවෝ මා උඩින් ගලායති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

නොහොත් නුඹට නොපෙනෙන හැටියට අන්ධකාරයද ජල රාශියද නුඹ වසාගන්නේය.

එසේ හෙයින් ඔබ සම්බවිය හැකි ප්‍රස්තාවයකදී සෑම භක්තිවන්තයාම ඔබට යාච්ඤාකෙරේවා. සැබවින් මහත් ජලධාරාවන් ගලන කල ඒවා ඔහු වෙතට නොපැමිණෙන්නේය.

උන්වහන්සේ භයානක වළකින්, හැල්පතෙන්, මා ඔසවා, පර්වතයක් පිට මාගේ පා තබා, මාගේ ගමන් ස්ථිරකළසේක.

බලව, යූදාහි රජුගේ ගෙදර ඉතුරුව සිටින සියලු ස්ත්‍රීන් බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට ගෙනයනු ලබනවා ඇත, ඔවුන් කථාකොට–නුඹේ හිතමිත්‍රයෝ නුඹ පොළඹා නුඹෙන් ජයගත්තෝය. නුඹේ පාද මඩේ එරුණු විට ඔව්හු අහක්ව ගියෝයයි කියනවා ඇත.

එකල ඔව්හු යෙරෙමියා ගෙන හිරගෙයි මළුවෙහි තිබුණු රාජ පුත්‍රවූ මල්කියාගේ වළට ඔහු ලනුවලින් බැස්සෙවුවෝය. වළේ වතුර නොව මඩ තිබුණේය. යෙරෙමියා මඩේ එරුණේය.

කඳුවල පතුලට බැස්සෙමි; පොළොව ස්වකීය අගුල්වලින් සදාකාලේටම මා හිරකරගත්තේය. එහෙත්, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ ප්‍රාණය වළෙන් ගොඩට ගත්සේක.

වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; එය පර්වතය පිට පිහිටා තිබුණු බැවින් නොවැටුණේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්