දෙවියන්වහන්ස, ඔබ තමන් සෙනඟට පෙරටුව නික්ම ගිය කලද වනාන්තරය මැදින් ගිය කලද
වැසියන්ගේ දුෂ්ටකම නිසා සාරවූ දේශය ලවණ කාන්තාරයක් කරනසේක.
උන්වහන්සේ පීඩා විඳින්නන්ට යුක්තිය ඉෂ්ටකරනසේක; උන්වහන්සේ බඩගිනිවූවන්ට කෑම දෙනසේක. ස්වාමීන්වහන්සේ හිරකාරයන් මුදනසේක.
තවද ඔවුන් දවාලෙත් රාත්‍රියෙත් ගමන්කරන පිණිස ස්වාමීන්වහන්සේ ඔවුන්ට මගපෙන්වීමට දාවල් වලා ටැඹකින්ද රාත්‍රියේ ඔවුන්ට එළිය දීමට ගිනි ටැඹකින්ද ඔවුන්ට පෙරටුව ගියසේක.
ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද,
කඩාදමන්නා ඔවුන්ට පෙරටුව නැගී ගියේය. ඔව්හු බිඳගෙන දොරටුව පසුකර, එයින් පිටතට ගියෝය. ඔවුන්ගේ රජ ඔවුන්ට ඉස්සරින් ගියේය, ස්වාමීන්වහන්සේ ඔවුන්ට පෙරටුව ගියසේක.
නොහොත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයේදී නුඹලාගේ ඇස් ඉදිරියෙහි නුඹලා උදෙසා කළ සියල්ල ලෙස වෙන යම් දෙවිකෙනෙක් ඇවිත් පරීක්ෂණවලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද යුද්ධයෙන්ද බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද මහත් භයංකරකම්වලින්ද එක ජාතියක් වෙන ජාතියක් මධ්‍යයෙන් තමන්ට ගන්ට හැදුයේද?
එවිට දෙබොරා බාරාක්ට කථාකොට: නැගිටින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ සිසෙරා නුඹ අතට පාවාදෙන දවස මේය. ස්වාමීන්වහන්සේ නුඹට පෙරටුව යනවා නොවේදැයි කීවාය. එහෙයින් බාරාක්ද ඔහු පස්සේ මනුෂ්‍යයන් දසදහසක්ද තාබෝර් කන්දෙන් බැස ගියෝය.
ස්වාමීන්වහන්ස, ඔබ සේයිර් සිට නික්මගිය කලද ඒදොම් පළාතේ සිට නැගී ආකලද පොළොව වෙවුලුවාය, අහසෙන් වැසි වැස්සේය, එසේය, වළාකුල්වලින් වතුර වෑස්සුණේය.