මම ඔවුන් නැවත බාෂාන් සිට ගෙනෙන්නෙමි, මුහුදේ ගැඹුරේ සිට ඔවුන් නැවත ගෙනෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කීසේක.
නුඹ ඔහුට කථාකොට–නුඹ මිනීමරා අයිතිකරගත්තෙහිදැයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න. තවද–බල්ලෝ යම් තැනකදී නාබොත්ගේ ලේ ලෙවකෑවෝද එතැන්හිදී බල්ලෝ නුඹේ ලේ, එසේය නුඹේ ලේත් ලෙවකන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කියන්නැයි කීසේක.
තවද ඔව්හු වේශ්‍යාවන් නාන තැනවූ සමාරියේ පොකුණෙන් රථය සේදුවෝය; ස්වාමීන්වහන්සේ කී වචනයේ හැටියට බල්ලෝ ඔහුගේ ලේ ලෙවකෑවෝය.
පළිගැනීම දකින කල ධර්මිෂ්ඨයා ප්‍රීතිවන්නේය. දුෂ්ටයාගේ ලෙයින් තමාගේ පාද සෝදාගන්නේය.
ඔවුන් කර්මෙල් මුදුනෙහි සැඟවී සිටියත්, මම එතැනින් ඔවුන් සොයාගන්නෙමි; ඔවුන් මාගේ ඇස් ඉදිරියෙන් මුහුදුපල්ලෙහි සැඟවුණත්, එහිදී ඔවුන්ට දෂ්ටකරන හැටියට මම සර්පයාට අණකරන්නෙමි.