දෙවියන්වහන්සේ අපට කරුණා කරනසේක්වා, ආශීර්වාදකරනසේක්වා, ස්වකීය මුහුණ අප කෙරෙහි බබළවනසේක්වා.
මක්නිසාද අප කෙරෙහි උන්වහන්සේගේ කරුණාව මහත්ය; ස්වාමීන්ගේ සැබෑකම සදාකාලයට පවත්නේය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
ඔවුන්ගේ ධාන්‍ය හා මුද්‍රිකපානය වැඩිවූ කල්හි ඔවුන්ට ඇති ප්‍රීතියට වඩා ඔබ මාගේ සිතේ ප්‍රීතියක් ලූසේක.
මාගේ සතුරෝ මට විරුද්ධව නපුර කථාකරමින්: කවදා ඔහු මැරෙන්නේද? කවදා ඔහුගේ නාමය මැකෙන්නේදැයි කියති.
එම්බා මගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව. මක්නිසාද මාගේ මුහුණේ සැපදායකවූ, මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි.
එසේය, උන්වහන්සේ කථාකොට: යාකොබ්ගේ ගෝත්‍ර නැගිටවීමටත් ආරක්ෂා කරනලද ඉශ්‍රායෙල්වරුන් හැරවීමටත් නුඹ මාගේ සේවකයා වුණාට මදිය. පොළොවේ කෙළවර දක්වා මාගේ ගැළවීම වන පිණිස නුඹ අන්‍ය ජාතීන්ට එළියක් කොටද දෙන්නෙමියි කියනසේක.
ස්වාමීන්වහන්සේ තමන්ගේ ශුද්ධ හස්තය සියලු ජාතීන් ඉදිරියෙහි [සටන් පිණිස] නග්නකළසේක; පොළොවේ සියලු සීමාවෝද අපේ දෙවියන්වහන්සේගේ ගැළවීම දකින්නෝය.
ඒ නිසා, අපේ දෙවියන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවද ඔහුගේ කන්නලව්ද අසා, පාළුව තිබෙන ඔබගේ ශුද්ධස්ථානය කෙරෙහි ඔබගේ මුහුණ ස්වාමීන්වහන්සේ නිසා බැබළෙවුව මැනව.
එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්මකරන්න.
යොහන් පව්කමාව පිණිස පසුතැවිල්ලේ බව්තීස්මය දේශනාකරමින්, යොර්දාන් වටකර මුළු පළාතට ආවේය.
සියලු වංචාවෙන් හා සියලු දුෂ්ටකමින් පූර්ණවූ තැනැත්ත, යක්ෂයාගේ පුත්‍රය, සියලු ධර්මිෂ්ඨකමට සතුරුවූ නුඹ ස්වාමීන්වහන්සේගේ හරි මාර්ගයන් පෙරළීමෙන් නවතින්නේ නැද්ද?
මේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේගේ මාර්ගය ගැන උගන්වනු ලැබ ආත්මයෙන් ජ්වලිතව සිට, යේසුස්වහන්සේගේ කාරණා ගැන හරි ආකාර කථාකර ඉගැන්නුවේය. එහෙත් ඔහු යොහන්ගේ බව්තීස්මය පමණක් දැනගන සිටියේය.
පුරුෂයන්ද ස්ත්‍රීන්ද බැඳ හිරගෙවලට භාරදෙමින්, මරණය දක්වා මේ ලබ්ධි මාර්ගයට පීඩාකෙළෙමි.
මෙසේ මුළු යුදයෙහිද ගලීලයෙහිද සමාරියෙහිද සභාව දියුණුවී, සමාදානය ලැබ, ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හැසිරෙමින්, ශුද්ධාත්මයාණන්ගේ පිහිටවීමෙන් වර්ධනයවූවාය.
මක්නිසාද සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙනෙන්නාවූ දෙවියන්වහන්සේගේ කරුණාව ප්‍රකාශවී තිබේ.